දේශය බලගන්වමින් මහජන බැංකුව ඉදිරියටම

මෙරට පොදු ජනතාවගේ බැංකුකරුවා මෙන්ම ඩිජිටල් බැංකුකරණයේ ප‍්‍රමුඛයා වන මහජන බැංකුව සුබවාදී අපේක්ෂාවන් පෙරදැරිව සිය 60 වැනි සංවත්සරය සමරන 2021 නව වසරට පියනගන බව පවසයි.

පසුගිය වසර ගත් කළ, විශේෂයෙන් කොවිඞ් වසංගතයෙන් බලපෑමට ලක්වූ ජනතාවට, ව්‍යවසායකයින්ට සහ තනි පුද්ගලයින්ට සිය ජිවනෝපායන් සහ ව්‍යාපාර අවස්ථා යළි නඟාසිටුවීමට අතහිත දෙමින් මෙන්ම ගනුදෙනුකරුවන්ට සිය බැංකුකරණ අවශ්‍යතා පහසුවෙන් හා ආරක්ෂාකාරිව සපුරා ගැනීමට දිවයින පුරා ශාඛා 741 කින් සමන්විත සහ මිලියන 14 කට අධික ගනුදෙනුකරුවන්ගෙන් යුත් දිවයිනේ විශාලතම බැංකුව ලෙස මහජන බැංකුව පහසුකම් සලසන ලදි.

ඒ අනුව පසුගිය වසර මුල සංචරණ සීමා පැනවූ සමයේ ගනුදෙනුකාර සේවාවන් පහසු කිරීම වෙනුවෙන්ම වෙන්කළ කාර්යය මණ්ඩලයක් සමඟ 80%ක් පමණ ශාඛා සහ සියලූම ස්වයං බැංකුකරණ මධ්‍යස්ථාන විවෘතව තැබීමට මහජන බැංකුව කටයුතු කරන ලදි. එමෙන්ම මහජන බැංකුව දියත් කළ දොරින් දොර ජංගම බැංකුකරණ  සේවාව ඔස්සේ  දිවයින පුරා ස්ථාන 1500 ක් හරහා ගනුදෙනු 22000 කට වැඩි ප‍්‍රමාණයක් ආවරණය කෙරිණි.

එමෙන්ම ජන ජීවිතය නැවත න`ගා සිටුුවීමේ කි‍්‍රයාවලිය දායක වෙමින් ගනුදෙනුකරුවන් 400,000 කට වැඩි ප‍්‍රමාණයකට සහ ව්‍යාපාරික ගනුදෙනුකරුවන් 21000 කට වැඩි ප‍්‍රමාණයක් වෙනුවෙන් රුපියල් බිලියන 400 කට අධික වටිනාකමින් යුත් ණය සහන ලබාදෙන ලදි. මීට අමතරව ශී‍්‍ර ලාංකීය ව්‍යවසායකයින් සහ ව්‍යාපාරික ප‍්‍රජාව ඉලක්ක කරගනිමින් රජය විසින් හඳුන්වා දුන් ‘සෞභාග්‍යා කොවිඩ් 19’ කාරක ප‍්‍රාග්ධන ණය පහසුකම රට පුරා කි‍්‍රයාත්මක කරමින්, ඒ ඔස්සේ රුපියල් බිලියන 10 කට ආසන්න ප‍්‍රමාණයක සහන දෙමින් මෙරට ආර්ථිකය යළි ගොඩනැංවීමට  දායකත්වයක් ලබාදුන්නේය.

මීට අමතරව රජයේ සෞභාග්‍යයේ දැක්ම අනුව ජාතික ආර්ථිකයක් ගොඩනැ`ගීමේ වැඩපිළිවෙලට සහයෝගය ලබාදෙමින් මහජන බැංකුව  Made in Sri Lanka ණය ව්‍යාපෘතිය, ස්වයංපෝෂිත රටක් වෙනුවෙන් අස්වැන්න, කාන්තා ව්‍යවසායකයින් සවි බලගැන්වීම වෙනුවෙන් වනිතා සවිය, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන් නගාසිටුවීමට Businee Power ණය යෝජනා ක‍්‍රම හඳුන්වා දෙන ලදි. එමෙන්ම එදිනෙදා ආදයම් උපයන කලාකරුවන්ට, විශ්ව විද්‍යාල සිසු සිසුවියන්ට පරිගණක මිලදි ගැනීමට, විවිධ වෘත්තිකයින්ට මෙන්ම පුද්ගලික ණය ද නිකුත් කරන ලදි. විශේෂයෙන්  පසුගිය වසරේ මුල ඉතා ඉහළ මට්ටමක පැවති පොලි අනුපාත තනි ඉලක්කමකට ගෙන ඒමට මහජන බැංකුව සුවිශේෂි දායකත්වයක් ලබාදෙන ලදි.

මහජන බැංකුවේ සභාපති සුජීව රාජපක්ෂ මහතා සහ ප‍්‍රධාන විධායක නිලධාරී/ සාමාන්‍යාධිකාරී
රංජිත් කොඩිතුවක්කු මහතා

ශී‍්‍ර ලංකාවේ වඩාත්ම ඩිජිටල්කරණය වූ බැංකුව ලෙස People’s Wave App, People’s Web, People’s Wiz වැනි නිමැයුම් මෙන්ම මහජන බැංකුවේ ස්වයං බැංකුකරණ ඒකක තුළින් ඩිජිටල්කරණයේ ප‍්‍රතිලාභ රැුසක් ශී‍්‍ර ලාංකිකයින්ට ලබාදීමට පසුගිය වසරේ මහජන බැංකුවට හැකිවිය. මේ වන People’s Wave App යෙදුම බාගත කළ ප‍්‍රමාණය 900,000 කට අධික වාර්තාගත අගයක් ගනී. සියලූම ශාඛා ඩිජිටල්කරණයට ලක්කර ඇති අතර 1,000,000 කට අධික ගිණුම් ප‍්‍රමාණයක් ඩිජිටල් තාක්ෂණයෙන් විවෘත කර ඇත. මේ තුළින් කිසිදු කඩදාසි පෝරම පිරවීමකින් තොරව විනාඩි 10ට අඩු කාලයකදී ගිණුමක් විවෘත කළ හැකිවීම විශේෂත්වයකි. මේ වන විට රුපියල් බිලියන 400 කට ඩිජිටල් ගනුදෙනු මහජන බැංකුව ඔස්සේ සිදුව තිබේ.

මීට අමතරව LankaQR සුවිශේෂී ඩිජිටල් ගෙවීම් ක‍්‍රමවේදය සහිත වෙළඳසැල් ප‍්‍රමාණයක් මහජන බැංකුව ඔස්සේ ලියාපදිංචි කර ඇත. එමෙන්ම  ඩිජිටල් තාක්ෂණය ඔස්සේ ගනුදෙනුකරුවන්ට පුද්ගල ණය හා ආයතනික ණය ඉතා කෙටි කාලයක් තුළ ලබාදීමේ අරමුණින්   මහජන බැංකුව හඳුන්වා දුන් People’s Wiz Credit පහසුකම ඇති ශාඛා ගණන 100 ක් දක්වා පසුගිය වසරේ ඉහළ නංවන ලදි. ඒ ඔස්සේ එක් දිනක් ඇතුළත බැංකු ණයක් ලබාගැනීමේ පහසුකම ගනුදෙනුකරුවන්ට හිමිවේ.

තවද, 2020 දී මහජන බැංකුව රුපියල් බිලියන 20 ක ණයකර නිකුතුවක් ද සිදුකළේය. එය ශී‍්‍ර ලංකා බැංකු කර්මාන්තයේ මෙතෙක් පැවති බාසල් 111 ප‍්‍රමිතියට අනුකුලව සිදුකරන ලද විශාලතම ණයකර නිකුතුව වන අතර, එය පළමු දිනයේදීම ආයෝජකයින් විසින් සම්පූර්ණයෙන්ම අත්පත් කරගන්නා ලදි.

මහජන බැංකුව පසුගිය වසරේදි දෙස් විදෙස් සම්මාන කිහිපයකින්ම පිදුම් ලැබීය.  ශ‍්‍රී‍්‍ර ලංකා අලෙවිකරණ ආයතනය (SLIM) සහ නිල්සන් ආයතනය එක්ව සංවිධානය කළ ‘ස්ලිම් නිල්සන් ජනතා සම්මාන 2020’ උළෙලේදී  ”වසරේ වඩාත්ම ජනතාවට සමීපතම සේවා නාමය” සහ ”ජනතාවට සමීපතම බැංකු සේවා සපයන්නා” සම්මානයන්  නොකඩවා දහ හතර වන වරටත් මහජන බැංකුවට හිමිවිය.  ශ‍්‍රී ලංකා ජාත්‍යන්තර වාණිජ මණ්ඩලය (ICCSL),  වරලත් කළමනාකරණ ගණකාධිකාරීවරුන්ගේ ආයතනය (CIMA) හා Daily FT සංවිධානය කළ 2019/20 මුල්‍ය වසර තුළ දී ශ‍්‍රී ලංකාවේ වඩාත්ම ගෞරවාදරයට පත්වූ ආයතන 10 අතරට මහජන බැංකුව ඇතුළත් කර තිබේ.

ලොව ඉහළ පිළිගැනිමක් ඇති එක්සත් රාජධානියේ බෑන්කර් ස`ගරාව 2020 වසරේදිත්  ලෝකයේ  ඉහළ පෙළේ බැංකු 1000 අතරට මහජන බැංකුව ශ්‍රේණිගත කළ අතර,  ආසියානු  සංවර්ධන බැංකු වෙළඳ මූල්‍ය වැඩසටහන මඟින් 2020 හොඳම ආනයන ගනුදෙනුව (Trade Deal of the Year)  සිදුකළ බැංකුව ලෙස මහජන බැංකුව නම් කරන ලදි. Asia Money Best  Bank සම්මාන උළෙලේදි මහජන බැංකුව 2020 වසරේ ශී‍්‍ර ලංකාවේ හොඳම ඩිජිටල්කරණ බැංකුව ලෙස නම් කළ අතර, World Finance බැංකුකරණ සම්මාන උළෙලේ ශී‍්‍ර ලංකාවේ හොඳම පුද්ගල කේන්ද්‍රිය ඩිජිටල් බැංකුව සහ ශී‍්‍ර ලංකාවේ හොඳම ජංගම බැංකුකරණ යෙදුම යන සම්මාන ද්විත්වය හිමිවිය. එමෙන්ම ජාත්‍යන්තර ව්‍යාපාර සඟරා  සම්මාන උළෙලේදි 2020 වසරේදි ශී‍්‍ර ලංකාවේ හොඳම ඩිජිටල් බැංකු සම්මානය ලෙස මහජන බැංකුව පිදුම් ලැබීය.

මෙවන් අභියෝගාත්මක වසරකදීත් මහජන බැංකුව සිය වත්කම් ප‍්‍රමාණය රුපියල් ටි‍්‍රලියන 2.3 දක්වා ඉහළ නංවාගත් අතර, මේ වන විට ගනුදෙනුකාර තැන්පතු රුපියල් ටි‍්‍රලියන 1.8 කට  අධික වේ. 2020 වසරේදි රුපියල් බිලියන 11.3 ඉක්මවූ බදු හා ලාභංශ ප‍්‍රමාණයක් වර්තා කර ඇත. ජාත්‍යන්තර ශ්‍රේණිගත සමාගමක් වන ෆිච් රේටිනිං අගය වන AA+ ශ්‍රේණිය ආරක්ෂා කර ගැනීමටද මහජන බැංකුව සමත්ව තිබේ. දේශයේ අභිවෘද්ධියට මුල් තැන දෙමින් සුවපහසුව, උසස් තත්ත්වය සහ විශ්වාසය ආදී ගුණාංගයන්ගෙන් පිරිපුන් මෙන්ම විශිෂ්ට බැංකුකරණ සේවාවක් ලබාදීම හරහා නවීනතම බැංකුකරණ අත්දැකීම් ශී‍්‍ර ලාංකිකයින් වෙත සමීප කිරීම දේශයේ අභිමානය වූ මහජන බැංකුවේ අරමුණයි.

Visits: 87