ස්වර්ණමහල් ෆිනෑන්ෂියල් සර්විසස් ව්‍යාපාර කටයුතු මාස තුනකට යළි ඇරඹීමට යයි

අද වනවිට ව්‍යාපාර කටයුතු අත්හිටුවා ඇති ස්වර්ණමහල් ෆිනෑන්ෂියල් සර්විසස් පීඑල්සී සමාගමේ ව්‍යාපාර කටයුතු නාමිකව නැවත ආරම්භ කිරි මට තීරණය කළ බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. ඒ අනුව 2021 ජනවාරි 13 වැනිදා දිට 2021 අප්‍රේල් 12 වැනිදා දක්වා තෙමසක සීමිත කාලයක් සඳහා එම ආයතනය මෙලෙස නැවත ව්‍යාපාර කටයුතු නැවත ආරම්භ කරන බව මහ බැංකුව සඳහන් කරයි.

ආයතනයේ පවත්නා ඉතිරි තැන්පතුවලින් 50% ක ප්‍රමාණයක් ආපසු ගෙවීම සඳහා පමණක් මෙලෙස සමාගමේ ව්‍යාපාර කටයුතු නාමිකව නැවත ආරම්භ කිරිමට තීරණය කර තිබේ. මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් පත් කරන ලද කළමනාකරණ මණ්ඩලයේ අධීක්ෂණය යටතේ මෙම කටයුතු සිදු කෙරෙන බව මහ බැංකුව පවසයි.

ඒ අනුව ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් මහජනතාවගේ සහ ආයතනයේ තැන්පත්කරුවන්ගේ යහපත සඳහා දැඩි කොන්දේසිවලට යටත්ව, 2011 අංක 42 දරණ මුදල් ව්‍යාපාර පනතේ 31 (5) (අ) වන වගන්තිය ප්‍රකාරව සීමිත අරමුණක් සහ සීමිත කාලයක් සඳහා  මෙලෙස ස්වර්ණමහල් ෆිනෑන්ෂියල් සර්විසස් පීඑල්සී සමාගමේ ව්‍යාපාර කටයුතු නාමිකව නැවත ආරම්භ කිරි මට තීරණය කර ඇතැයි සඳහන් කරයි.

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කළ එම සම්පූර්ණ නිවේදනය මෙසේය.

Visits: 242