සෙරෙන්ඩිබ් ෆිනෑන්ස් යයි CBC Finance එයි

කොමර්ෂල් බැංකුවෙහි පූර්ණ හිමිකාරීත්වය සහිත බලපත්‍ර ලාභී බැංකු නොවන මූල්‍ය සමාගමක් වන සෙරෙන්ඩිබ් ෆිනෑන්ස් සමාගම සීබීසී ෆිනෑන්ස් ලෙස නාමකරණයේ වෙනස් කිරීමකට ලක් කර තිබෙන බව කොමර්ෂල් බැංකුව පවසයි. සෙරෙන්ඩිබ් ෆිනෑන්ස් සමාගම ලෙස හැඳින්වීමට පෙර එය ඉන්ද්‍රා ෆිනෑන්ස් ලෙස ක්‍රියාත්මක විය.

2014 වසරේදී මෙම සමාගම කොමර්ෂල් බැංකුව මගින් අත්පත් කරගන්නා අවස්ථාවේදී සෙරෙන්ඩිබ් ෆිනෑන්ස් ලෙස නම් වී තිබුණු අතර, මෙම නාමකරණයේ වෙනසත් සමගින්ම එම සමාගම කොමර්ෂල් බැංකු සමූහය මගින් මෙම අත්පත් කර ගැනීම සම්පූර්ණ වන බවත් පැවසෙයි.

ඒ අනුව 2020 දෙසැම්බර් 30 වැනිදා සිට සමාගම නව නාමය සහ නව සන්නාමය යටතේ ක්‍රියාත්මක කෙරෙන බව කොමර්ෂල් බැංකුව සඳහන් කරයි.

එසේම මවු සමාගම ලෙස මෙරට තුළ වඩාත් සම්මානයට පාත්‍ර ව ඇති පෞද්ගලික වාණිජ බැංකුව වන කොමර්ෂල් බැංකු සන්නාමය හා සමානව ඉදිරිපත්වීමත් සමගින්ම ඉක්මණින්ම හදුනාගැනීමේ හැකියාවද සීබීසී ෆිනෑන්ස් සතුව ඇතැයිද බැංකුව පවසයි.

2014 වසරේදී ඉන්ද්‍රා ෆිනෑන්ස් සමාගම අත්පත් කර ගැනීමෙන් අනතුරුව සෙරෙන්ඩිබ් ෆිනෑන්ස් පිහිටුවීම සිදු වුණු අවස්ථාවේදී සමාගම සතුව පැවැති රුපියල් බිලියන 1.95ක් පමණ වූ සමස්ත වත්කම් ප්‍රමාණය 2020 නොවැම්බර් මාසය අවසන් වන විට රුපියල් බිලියන 8ක් බවට පත්ව ඇත.

අද වනවිට සීබීසී ෆිනෑන්ස් සමාගම මතුව දිවයින පුරා ක්‍රියාත්මක ශාඛා 10ක් පවතී. ඒ හරහා මෝටර් රථ ලීසිං, උගස් ණය සහ ව්‍යාපාරික ණය මෙන්ම ස්ථාවර තැන්පතු යනාදී මූල්‍ය සේවා ලබා දෙයි.

Visits: 372