OPPO ‘නත්තල් සීයාගෙන් අහන්න’ වැඩසටහනට පාරිභෝගිකයන්ගෙන් උණුසුම් ප්‍රතිචාර

ශ්‍රී ලංකාවේ ජනප්‍රියම ජංගම දුරකථන හා උපාංග සන්නාමයක් වන OPPO මෙවර නත්තල් සමය වෙනුවෙන් සමාජ මාධ්‍ය ඔස්සේ ක්‍රියාත්මක කළ ‘නත්තල් සීයාගෙන් අහන්න’ වැඩසටහනට පාරිභෝගිකයන්ගෙන් උණුසුම් ප්‍රතිචාරයක් හිමි වූ බව පවසයි.

මෙම වැඩසටහන තුළදී තම මිතුරෙකු නත්තල් සීයා ලෙස tag කරමින්, නත්තල් ත්‍යාගයක් ලෙස තමන් කැමති දුරකථන මාදිලිය තමන්ට තෑගි දිය යුත්තේ ඇයිද යන්න පිළිබඳව කෙටි සටහනක් තැබීමට තරගකරුවන්ට අවස්ථාව ලැබුණු අතර, එහි ජයග්‍රාහකයන්ට OPPO වෙතින් වටිනා තෑගි මල්ලක් බැගින් හිමි විය.

පසුගිය නොවැම්බර් මාසයේදී ශ්‍රී ලංකාවට හඳුන්වා දෙන ලද OPPO F17 දුරකථන මාදිලිය, අලංකාරය මෙන්ම ක්‍රියාකාරීත්වය අතින් පෙරළියක් සිදුකළ දුරකථන මාදිලියක් විය. 30W VOOC Flash Charge, Hyper Boost 2.1, RAM + Anti-lag & OF2FS, Dual Channel Network Acceleration සහ විශිෂ්ට තලයේ ඡායාරූප ලබාදෙන AI Dazzle Color සහිත 16MP ප්‍රධාන කැමරාවක් ඇතුළු විශේෂාංග රාශියක් ඊට ඇතුළත් වී ඇත. එමෙන්ම නවක ව්ලොග්කරුවන්ට (Vloggers) අතිශයින් ප්‍රයෝජනවත් වන Steady Video Mode සහ first-party video editing app එකක් වන Soloop ද මීට ඇතුළත් ය. Navy Blue සහ Dynamic Orange යන වර්ණ දෙකෙන් ලබාගත හැකි OPPO F17 දුරකථන මාදිලියේ සාමාන්‍ය මිල රු. 54,990/- කි.

මීට අමතරව, මෙවර උත්සව සමය වෙනුවෙන් ක්‍රියාත්මක කළ විශේෂ ප්‍රවර්ධන වැඩසටහන යටතේ දෙසැම්බර් මාසය තුළ OPPO F17 දුරකථන මිලදී ගන්නා පාරිභෝගිකයන්ට රු.6,999/- ක් වටිනා Enco W1 Headset එකක් සහ ඩයලොග් වෙතින් 50GB Anytime Data ද හිමි වේ.

O FANS FEST වැඩසටහන් මාලාව යටතේ පසුගියදා පවත්වන ලද O FANS NIGHT වැඩසටහනට ජනප්‍රිය ගායිකා උමාරියා සිංහවංශ සහ වස්ති කණ්ඩායමේ අනුෂ්ක උදාන සහභාගී වූහ. අතිශයින් සාර්ථක වූ එම වැඩසටහන OPPO රසිකයන් ඇතුළු විශාල පිරිසකට සුවිශේෂී අත්දැකීමක් වූ අතර, මෙරටට ඇඳිරිනීතිය පනවා තිබූ කාලසීමාවෙන් අනතුරුව, අදාළ සෞඛ්‍ය නීතිරීති අනුගමනය කරමින් මෙරට තුළ එම මට්ටමෙන් පවත්වන ලද පළමු ඉසව්ව ලෙස සැලකේ.

උත්සව සමය වෙනුවෙන් OPPO ලබාදෙන වට්ටම් හා දීමනා දෙසැම්බර් 31 දින දක්වා ක්‍රියාත්මක වනු ඇත. මේ සම්බන්ධ වැඩිදුර තොරතුරු OPPO Sri Lanka නිල ෆේස්බුක් ගිණුමේ දක්වා තිබේ.

Visits: 39