COVID-19 ආසාදිතයන් පිළිබඳව පානදුර යුනිචෙලා වෙතින් නිවේදනයක්

MAS සමාගමට අයත් පානදුර පිහිටි යුනිචෙලා කර්මාන්තශාලාව තුළ COVID-19 ආසාදිතයන් වාර්තා වීම සම්බන්දයෙන් මතුව ඇති තත්ත්වය පිළිබඳව නිවේදනයක් නිකුත් කිරීමට එම MAS සමාගම කටයුතු යොදා ඇත. එහිදී අද වනවිට සිය සමාගමේ සේවකයන් 85 දෙනෙකුට වෛරසය ආසාදනය වී ඇති බවත්, මේ තත්ත්වය MAS කළමනාකාරිත්වයේ සමීප නිරීක්ෂනයට ලක්වෙමින් පවතින බවත් පානදුර යුනිචෙලා සමාගම පවසයි.

ඒ අනුව එම නිවේදනය මෙසේය.

බස්නාහිර පළාත තුළ COVID-19 ආසාදිතයන් වාර්තා වීම ඉහළ යමින් පවතින පසුබිමක, පානදුර යුනිචෙලා කර්මාන්තශාලාව තුළ මතුවී ඇති තත්ත්වය මේ වනවිට MAS සමාගමේ කළමනාකාරීත්වයේ සමීප නිරීක්ෂණයට ලක්වෙමින් පවතී. අද වනවිට,කර්මාන්තශාලාව  තුළ සිදුකරනලද පරීක්ෂණ සහ ආශ්‍රිතයන් හඳුනාගැනීමේ ක්‍රියාවලිය ඔස්සේ, කර්මාන්තශාලාවේ සේවා නියුක්තිකයන් අතරින් 85 දෙනෙකුටCOVID-19ආසාදනය වී ඇති බව හඳුනාගෙන තිබේ.

  • ප්‍රථම ආසදිතයා හඳුනාගත් අවස්ථාවේ සිට යුනිචෙලා ආයතනයේ කළමනාකාරීත්වය, මහජන සෞඛ්‍ය බලධාරීන් සමග සමීපව කටයුතු කරමින් සිටින අතරආශ්‍රිතයන් හඳුනාගැනීම, නිරෝධායන ක්‍රියාවලිය සහ ව්‍යාපාර කටයුතු පවත්වාගෙන යාම යනාදිය සම්බන්ධයෙන් ඔවුන්ගේ මාර්ගෝපදේශයන්ට අනුව කටයුතු කරමින් සිටී.
  • ප්‍රථම ආසාදිතයා හඳුනාගන්නා ලද්දේ,සේවය​ට වාර්තා කිරීමට පැමිණි සේවා නියුක්තිකයෙකු උණ රෝග තත්ත්වයක් පවතින බවට කර්මාන්ත ශාලා දොරටුව අසලදී හඳුනාගැනීමෙන් පසු,එම සේවා නියුක්තිකයා ප්‍රදේශයේ රෝහලක් වෙත යොමුකිරීමෙන් අනතුරුව COVID-19 වැළඳී ඇති බවටතහවුරු වීමත් සමගිනි. ඊළඟ දින කිහිපය තුළ ආශ්‍රිතයන් හඳුනාගැනීම සහ පරීක්ෂණ සිදුකිරීම ඔස්සේ තවත් 85 දෙනෙකුට වෛරසය ආසාදනය වී ඇති බව අනාවරණය විය. මේ වනවිට PCR පරීක්ෂණ 1,123 ක් පවත්වා ඇති අතර ඒ සියල්ලෙහිම ප්‍රතිඵල ලැබී තිබේ.
  • COVID-19 ආරක්ෂණ විධිවිධාන දැඩිව අනුගමනය කරමින් කර්මාන්තශාලාවේ කටයුතු පවත්වාගෙන යන ලද අතර, හඳුනාගත් ආශ්‍රිතයන් මේ වනවිට ස්වයං-නිරෝධායනයට යොමුකර තිබේ. කෙසේ නමුත් අනෙකුත් සේවා නියුක්තිකයන්ට සහ පොදු ජනතාවට වෛරසය ආසාදනය වීමේ අවදානම අවම කිරීම සඳහා පූර්ව ආරක්ෂි​ත පියවරක් ලෙ​ස, 2020 දෙසම්බර් 15දින සිට තාවකාලිකව, අදාළ සේවා මුරයට සම්බන්ධ වී සිටි සේවා නියුක්තිකයන්ට කර්මාන්ත ශාලාව වෙත නොපැමිණෙන ලෙස දන්වා සිටීමට කළමනාකාරීත්වය කටයුතු කළේය.
  • COVID-19 වැළඳී ඇති බවට තහවුරු වූ සේවා නියුක්තිකයන් සහ, ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් අතරින් ආසාදිත බවට හඳුනාගනු ලැබූ පුද්ගලයන්, ඔවුන්ගේ රෝග ලක්ෂණවල තත්ත්වය අනුව සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ උපදෙස් යට​තේ, ගිරිඋල්ල ප්‍රදේශයේ පිහිටි, සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් මෙහෙයවනු ලබන MAS COVID-19 සුරැකුම් මධ්‍යස්ථානය වෙත යොමුකරන ලදි.
  • ප්‍රාදේශීය සෞඛ්‍ය බලධාරීන්ගේ උපදෙස් අනුව, දෙසැම්බර් 22 දින, එනම් කලින් සැලසුම් කර තිබූ පරිදි නඩත්තු කටයුතු සඳහා කර්මාන්ත ශාලාව වසා දැමීමට නියමිත දිනවලට සහ වසර අවසාන නිවාඩු දිනවලට පෙර කර්මාන්තශාලාව වසා දමන ලද අතර, මෙම කාලසීමාව තුළ කර්මාන්තශාලාව තුළ අතිරේක විෂබීජහරණ කටයුතු සිදුකෙරෙනු ඇත.
  • කර්මාන්තශාලාවේ කටයුතු යළි ආරම්භ කිරීමේදී, නැවත සේවය​ට වාර්තා කරන සේවා නියුක්තිකයන් PCR පරීක්ෂණවලට භාජනය කිරීමට නියමිතය.

අප ව්‍යාපාර කටයුතු සිදුකරන සියලුම ස්ථානවලදී, සෑම විටම අපගේ කාර්ය මණ්ඩලයේ ආරක්ෂාව සම්බන්ධයෙන් අපගේ ප්‍රමුඛතම අවධානය යොමු වේ. එමෙන්ම MAS සමාගම සෑම විටම සෞඛ්‍ය බලධාරීන් සමග සහයෝගයෙන් කටයුතු කරමින්, ඔවුන්ගේ නිර්දේශ අනුගමනය කරමින්, විනිවිදභාවයෙන් යුතුව අවශ්‍ය තොරතුරු සැපයීමට කටයුතු කරයි.

Visits: 87