මහ බැංකු ‘පෙර දැක්ම – 2021’ ජනවාරි 04 වැනිදා

ශ්‍රී ලංකා මහ බැංකුව මගින් වාර්ෂිකව ඉදිරිපත් කරන ‘පෙර දැක්ම – 2021  සහ ඉදිරිය සඳහා මුදල් හා මූල්‍ය අංශ ප්‍රතිපත්ති  එළිදැක්වීම’ 2021 ජනවාරි 04 වැනිදා සිදු කිරීමට නියමිත බව මහ බැංකුව පවසයි.

මහ බැංකු අධිපති මහාචාර්ය ඩබ්ලිව් ඩී. ලක්ෂ්මන් මහතා විසින් මෙම පෙර දැක්ම – 2021 ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.

ඉදිරි වසර සඳහා මහ බැංකුව මගින් ගනු ලබන ප්‍රතිපත්තිමය තීරණ මෙහිදී අනාවරණය කිරීමක් සිදු කරයි. පෙර වසරවලදී මහ බැංකුව වෙත ආරාධනා ලබන මෙරට බැංකු, මූල්‍ය ආයතන ඇතුළු ප්‍රමුඛ පෙලේ සමාගම්වල ප්‍රධානීන් ඉදිරියේ මෙම මහ බැංකු පෙර දැක්ම ඉදිරිපත් කරයි.

කෙසේ වෙතත් දැනට පවතින කොවිඩ්-19 වසංගත තත්ත්වය හේතුවෙන් පෙර දැක්ම එළිදැක්වීම අන්තර්ජාලය ඔස්සේ සිදු කරන බවත්, මෙම වීඩියෝව 2021 ජනවාරි 04 වැනි සඳුදා පෙරවරු 11.00ට ශ්‍රී ලංකා මහ බැංකුවේ වෙබ් අඩවිය හරහා නැරඹිය හැකි බවත් මහ බැංකුව වැඩිදුරටත් සඳහන් කරයි.

Visits: 159