හැටන් නැෂනල් බැංකුව අඛණ්ඩව තෙවන වසරටත් ශ්‍රී ලංකාවේ ‘වඩාත්ම ගෞරවනීය සමාගම්’ අතරට

මෙරට පුද්ගලික අංශයේ විශාලතම පාරිභෝගික බැංකුව වන හැටන් නැෂනල් බැංකුව අඛණ්ඩව තෙවන වසරටත් ශ්‍රී ලංකාවේ ‘වඩාත්ම ගෞරවනීය සමාගම්’ අතරට ශ්‍රේණිගත වීමට සමත් වී ඇතැයි පවසයි.

ගනුදෙනුකාරභවතුන්, සේවකයින් හා මහජනතාවට ලබා දී ඇති සැලකිය යුතු වටිනාකම් මෙන්ම ව්‍යාපාරික හා මූල්‍ය ශක්තිය උදෙසා බැංකුව හිමි කර ගත් විශිෂ්ටත්වය වෙනුවෙන් ‘වඩාත්ම ගෞරවනීය සමාගම්’ අතරට HNB මෙසේ තේරී පත් වී ඇත.

කළමනාකරණ ගණකාධිකාරීවරුන්ගේ වරලත් ආයතනය (CIMA) සහ ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර වාණිජ මණ්ඩලය (International Chamber of Commerce, Sri Lanka (ICCSL) එක්ව මෙම සම්මාන උළෙල සංවිධානය කළේය. මෙම සම්මාන උළෙල සඳහා සිදු කරන ලද ඇගයීම තුළින් ශ්‍රී ලංකාවේ අනෙක් සමාගම් අතර වඩාත් ගෞරවනීය සමාගම් 10 කැපී පෙනීමට සාධක වූ පොදු ලක්ෂණ හඳුනා ගැනිණි.

ඉහළ අරමුණකින් යුතු මෙහෙයුම් සැකසීම හා ක‍්‍රියාත්මක කිරීම, නව්‍ය ඩිජිටල් වේදිකා හා ව්‍යාපාර ආකෘතීන් හරහා ඩිජිටල් නවෝත්පාදන අවස්ථා අත්පත් කර ගැනීම ඇතුළු තවත් ලක්ෂණ මීට ඇතුලත් විය.

HNB සභාපති, දිනේෂ් වීරක්කොඩි සහ කළමනාකාර අධ්‍යක්ෂක/ප‍්‍රධාන විධායක නිළධාරී, ජොනතන් අලස්

මේ පිළබඳව අදහස් දක්වමින් HNB කළමනාකාර අධ්‍යක්ෂ/ප‍්‍රධාන විධායක නිළධාරී ජොනතන් අලස් මහතා, ‘‘නැවත වරක් ශ‍්‍රී ලංකාවේ වඩාත්ම ගෞරවනීය සමාගම් දහයෙන් එකක් ලෙස අපව පිළිගැනීම ගැන අප ඉතා සතුටට පත් වෙනවා. මෙය අපගේ ගනුදෙනුකරුවන්, ආයෝජකයින් හා සේවකයින් උදෙසා අප වෙහෙස මහන්සි වී කටයුතු කිරීම හා කැපවීම විදහා දක්වන විශිෂ්ට ජයග‍්‍රහණයක්” යනුවෙන් පැවසුවේය.

ගෝලීය වශයෙන් පිළිගත් ප‍්‍රමාණාත්මක හා ගුණාත්මක නිර්ණායක මත පදනම් වූ දීර්ඝ හා දැඩි ඇගයීම් ක‍්‍රමවේදයකින් පසුව 2020 සම්මාන සඳහා සමාගම් තෝරා ගැනීම සිදු විය. මානව සම්බන්ධතා තක්සේරු කිරීම, කණ්ඩායම් හැඟීම වර්ධනය කිරීම, අරපිරිමැස්මෙන් අත්හදා බැලීම, කැපවීම, ආත්ම විශ්වාසය හීන වීමට එරෙහිව සටන් කිරීම, විවිධ ක‍්‍රමවේද ඔස්සේ ජයග‍්‍රහණය කිරීම සහ ප‍්‍රජාවට ආපසු ලබා දීම ආදී නිර්ණායක හතක් යටතේ සමාගම් ඇගයීම වට දෙකක් යටතේ ඇගයීමට ලක් කරන ලදී.

සිය පරිවර්තනීය බැංකුකරණය උදෙසා ගෞරව සම්මාන රැුසකට පාත‍්‍ර වී ඇති HNB හි නවතම පිළිගැනීම ලෙස මෙය පෙන්වා දිය හැකිය. මීට අමරතව බිස්නස් ටුඬේ සඟරාව විසින් ප‍්‍රකාශයට පත් කරන ලද ශ්‍රී ලංකාවේ හොදම සමාගම් 10 (Business Today Top 10) අතරට ද HNB ශ්‍රේණිගත වූ අතර එක්සත් රාජධානියේ කීර්තිමත් ‘ද බෑන්කර්’ සඟරාව විසින් ලොව හොඳම බැංකු 1,000 අතරට HNB නම් කරන ලදී. HNB සිය විශිෂ්ටත්වය ප‍්‍රකට කළ තවත් අවස්ථාවක් ලෙස ශ්‍රී ලංකාවේ සියලූම බැංකු අභිබවා LMD සඟරාව මගින් Top 100 Club වෙත ඇතුළත් වීමට ද බැංකුව සමත් වූ අතර පසුගිය වසර 25 තුළ එකී සමාගමේ කාර්යසාධනය මත පදනම්ව මෙම ඇගයීම සිදු කෙරේ.

Visits: 249