කොළඹ කොටස් හුවමාරුවේ ස්වයංක්‍රීය ගනුදෙනු පද්ධතියේ මිලගණන් සංශෝධනයක්

කොළඹ කොටස් හුවමාරුවේ ස්වයංක්‍රීය ගනුදෙනු පද්ධතියේ (ATS – Automated Trading System ) ගනුදෙනු වන කොටස් සදහා මිලගන්නන් ඇනවුම් කිරීමේදී (Order Placement ) කොටස් මිල වෙනස් විය යුතු අවම මිලපරතරය (Tick Size) සදහා සංශෝධනයක් ගෙන ඒමට කොටස් හුවමාරුවේ අධ්‍යක්ෂක මණ්ඩලය තීරණය කර ඇතැයි පවසයි.

කොළඹ කොටස් හුවමාරුව මගින් චක්‍රලේඛයක් නිකුත් කරමින් කොටස් තැරැව්කාර සමාගම් වෙත මේ බව දන්වා තිබේ.

ඒ අනුව පෙර පරිදිම රුපියල් 100ට අඩු කොටසක් සදහා මිල ගනන් ඇනවුම් කිරීමේදී (Order Placement ) කොටස් මිල අතර අවම පරතරය සත 10ක් වේ. නමුත් රුපියල් 100ට වඩා වැඩි කොටස් සදහා මිල ඇනවුම් කල හැකි අවම මිල පරතරය (Tick Size) සත 10 සිට සත 25 දක්වා සංශෝධනය කර ඇත.

මෙම සංශෝධනය 2021 ජනවාරි 08 වනදා සිට ස්වයංක්‍රීය ගනුදෙනු පද්ධතියේ (ATS) ක්‍රියාත්මක වන බව කොළඹ කොටස් හුවමාරුව දැනුම් දී සිටියි.

මේ අනුව 2021 ජනවාරි 07 වන දා ගනුදෙනු අවසානය ATSහී ඉතිරිව ඇත සියලු ඇණවුම් (Pending Orders ) අවලංගු වන අතර නව ඇනවුම් (New Order Placement ) සිදුකිරීම සදහා 2021 ජනවාරි 8 වන දින විවෘත වෙන්දේසි සැසිය (Open Call Auction) උදෑසන 10.15 සිට උදෑසන 11.00 දක්වා විවෘතව තැබෙන බව කොළඹ කොටස් හුවමාරුව වැඩිදුරටත් දන්වා සිටියි.

Visits: 769