හම්බන්තොට ජාත්‍යන්තර වරාය සමූහය 3 වැනි සංවත්සරය සමරයි

හම්බන්තොට ජාත්‍යන්තර වරාය සමූහය (HIPG – Hambanthota International Port Group) සිය තෙවැනි සංවත්සර සැමරුම පසුගියදා සැමරූ බව එම වරාය පවසයි. ඉතාමත් දැඩි කොවිඩ්-19 සෞඛ්‍ය ආරක්ෂක පිළිවෙත් අනුගමනය කරමින් මෙම සංවත්සර සැමරුම් උත්සවය සංවිධානය කෙරී තිබුණු බව එම වරායේ බලධාරීන්  පවසයි.

විශේෂයෙන්ම මේ වසර ඉතාමත් අභියෝගාත්මක වසරක් ලෙස හඳුන්වා දෙන  හම්බන්තොට ජාත්‍යන්තර වරාය, සිය පවුල මෙම අභියොග පසෙකලමින් නැවුම් වී ශක්තිමත්බවකින් සහ විශ්වාසයකින් ඉදිරියේදී මෙහෙයුම් සිදු කරන බවත් පවසා සිටියි. හම්බන්තොට ජාත්‍යන්තර වරාය සේවා පෞද්ගලික සමාගම (HIPS – Hambanthota International Port Service Company (PVT) LTD සමාගමද මෙම සංවත්සර සැමරුම සඳහා එක්ව තිබේ.

මෙම තෙවැනි  සංවත්සරයට සමගාමීම හම්බන්තොට අද්‍යාපන කලාප කාර්ලායලය වෙත මෙන්ම සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයාගේ කාර්යාලය වෙතද ප්‍රදාන සිදු කිරීමට හම්බන්තොට ජාත්‍යන්තර වරාය කටයුතු යොදා තිබේ.

Visits: 76