මධ්‍යම සංස්කෘතික අරමුදල යටතේ ඇති සියලු කෞතුකාගාර හෙට සිට විවෘතයි

පොළොන්නරුව, සීගිරිය, කතරගම, ගාල්ල, මහනුවර, අනුරාධපුරය ඇතුළු මධ්‍යම සංස්කෘතික අරමුදල මගින් පාලනය වන දිවයිනේ සියලුම කෞතුකාගාර සහ ව්‍යාපෘති හෙට (දෙසැම්බර් 20) දිනයේ සිට දේශීය සහ විදේශීය සංචාරකයන් සඳහා නැවත විවෘත කෙරෙන බව එම අරමුදල නිවේදනයක් නිකුත් කරයි.

මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්ෂ ජනරාල් ජ්‍යෙෂ්ඨ මහාචාර්ය පුරාවිද්‍යාඥ ගාමිණී අධිකාරි මහතා විසින් මේ පිළිබඳව නිවේදනය නිකුත්කර තිබේ. ඒ අනුව COVI-19 වැළැක්වීමේ සෞඛ්‍ය නීති රීති හා චක්‍රලේක ප්‍රකාරව මෙම විවෘත වීම සිදුකිරීමට නියමිතව තිබේ.

ඉදිරියේදී බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ සංචාරකයන් සඳහා විවෘත කිරීමට නියමිතව ඇති නිසා දේශීය සහ විදේශීය සංචාරකයන්ගේ ආකර්ෂනීය ස්ථාන ලෙස ප්‍රචලිත මධ්‍යම සංස්කෘතික අරමුදල මගින් පාලනය කෙරෙන මෙම කෞතුකාගාර විවෘත කිරීමට කටයුතු යොදා තිබෙන බව අධ්‍යක්ෂ ජනරාල්වරයා වැඩිදුරටත් සඳහන් කර සිටියි.

කොවිඩ්-19 ව්‍යාප්තියත් සමගින්ම ඔක්තෝබර් මාසයේ 27 වැනිදා සිට මෙම කෞතුකාගාර වසා දැමීමට මධ්‍යම සංස්කෘතික අරමුදල තීරණය ගෙන තිබුණි.

Visits: 107