මහ බැංකුවට නව නියෝජ්‍ය අධිපතිවරුන් පත් කෙරේ

ශ්‍රී ලංකා මහ බැංකුවට නව නියෝජ්‍ය අධිපතිවරුන් පත් කිරීමක් සිදු කළ බව නිවේදනයකින් පවසයි. මෙහිදී සහකාර අධිපතිවරුන් වන ටී.එම්.ජේ.වයි.පී. ප්‍රනාන්දු මහත්මිය සහ ඩබ්ලිව්.ජී.ආර්.ඩී. නානායක්කාර මහතා මෙලෙස ශ්‍රී ලංකා මහ බැංකුවේ නියෝජ්‍ය අධිපති තනතුරට උසස් කෙරුණු බව සඳහන් වෙයි. මුදල් අමාත්‍යවරයාගේ අනුමැතිය සහිතව මුදල් මණ්ඩලය විසින් දෙසැම්බර් 14 වැනිදා සිට මෙම උසස් කිරීම් සිදු කර තිබේ.

මහ බැංකුව මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය මෙසේය.

Visits: 79