‘Made in Sri Lanka’ ජනගත කෙරේ

කර්මාන්ත අමාත්‍යාංශය සහ ඊට අනුබද්ධිත ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරිය (NEDA) එක්ව දියත් කරනු ලබන ‘Made in Sri Lanka’ වැඩපිළිවෙළ ජනගත කිරීම කොළඹ ගාලු මුවදොර හෝටලයේදී ඊයේ සිදුවිය.

කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ ප්‍රධානත්වයෙන් සහ බතික්, අත්යන්ත්‍ර, රෙදි හා දේශීය ඇගළුම් නිෂ්පාදන රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර  මහතාගේ සහභාගිත්වයෙන් පැවැත්වුණු මෙම අවස්ථාවේදී Made in Sri Lanka සන්නාමය, වෙබ් අඩවිය හා තේමා ගීතය ද එළි දැක් වුණි.

මෙහිදී ස්වදේශීක ව්‍යවසායකයන් 10 දෙනකුගේ දේශීය නිෂ්පාදන සඳහා Made in Sri Lanka සන්නාමය ලබා දීම ද සිදු කරමින් එම කටයුත්ත අද සිට ඇරඹිණි. ඉදිරියේදී මෙම වැඩපිළිවෙල සමඟ බැදුනු තවත් ව්‍යාපෘති රැසක්ද ක්‍රියාත්මක කිරීමට නියමිතව ඇත.

මෙම අවස්ථාවට ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරියේ සභාපති අනුෂ්ක ගුණසිංහ ඇතුළු නිලධාරීහු පිරිසක් එක්ව තිබේ.

Visits: 77