සන්ෂයින් හෝල්ඩිංග්ස් සහ අක්බාර් බ්‍රදර්ස් අතර කොටස් ගනුදෙනුවක්

සන්ෂයින්  හෙල්ත්කෙයාර් (පෞද්) සමාගම මගින් අක්බාර් ෆාමසූටිකල් සමාගම අත්පත් කරගනිමින් සන්ෂයින්  හෙල්ත්කෙයාර්හි 28% ක කොටස්  හිමිකාරීත්වයක් අක්බාර් බ්‍රදර්ස් ලිමිටඩ් වෙත ලබා දෙයි

සන්ෂයින් හෝල්ඩිංග්ස් පීඑල්සී සමාගමේ පූර්ණ හිමිකාරීත්වය සහිත පරිපාලිත සමාගමක් වන සන්ෂයින් හෙල්ත්කෙයාර් ලංකා ලිමිටඩ් සමාගම මගින් අක්බාර් බ්‍රදර්ස් (පෞද්) සමාගමේ 99.9%ක සාමාන්‍ය ඡන්ද හිමි  කොටස් හිමිකාරීත්වය සහිත අක්බාර් ෆාමසූටිකල් (පෞද්) සමාගමෙන් එම කොටස් සියල්ලම අත්පත් කරගැනීමට එකඟතාවක පළ කර ඇතැයි පවසයි.

එසේම මෙම ගනුදෙනුවේදී පැමිණි එකඟතාවකට අනුව සන්ෂයින් හෙල්ත්කෙයා ලංකා ලිමිටඩ් සමාගමේ කොටස් 25%ක් අක්බාර් බ්‍රදර්ස් ලිමිටඩ් සමාගම වෙත ලබා දීමටත් කැමැත්ත පළ කෙරී ඇතැයි සන්ෂයින් හෝල්ඩිංග්ස් පීඑල්සී සමාගම පවසයි.

මීට අමතරව අක්බාර් බ්‍රදර්ස් ලිමිටඩ් සමාගම සන්ෂයින් හෙල්ත්කෙයාර් ලංකා ලිමිටඩ් සමාගමේ තවත් 3%ක කොටස් ප්‍රතිශතයක් මුදල් දී මිලදී ගැනීමටත් කැමැත්ත පළ කර ඇතැයි පවසයි. එහි වටිනාකම රුපියල් මිලියන 278.4 කි.

ඒ අනුව සන්ෂයින් හෙල්ත්කෙයාර් ලිමිටඩ් සහ අක්බාර් බ්‍රදර්ස් ලිමිටඩ් අතර ඇති වූ මෙම ගනුදෙනුව අවසානයේදී සන්ෂයින් හෙල්ත්කෙයාර් ලිමිටඩ් සමාගමේ සාමාන්‍ය ඡන්ද  හිමි කොටස් හිමිකාරීත්වයෙන් 72%ක ප්‍රතිශතයක් සන්ෂයින් හෙල්ත්කෙයාර් ලිමිටඩ් සමාගමටත්, 28%ක කොස් ප්‍රතිශතයක් අක්බාර් බ්‍රදර්ස් ලිමිටඩ් සමාගම වෙතත්  හිමිව තිබේ.

සුප්‍රසිද්ධ ඖෂධ ශාලා ජාලයක් වන ‘හෙල්ත්ගාර්ඩ්’ සන්නාමය සන්ෂයින් හෝල්ඩිංග්ස් පීඑල්සී යටතේ ක්‍රියාත්මක මෙම සන්ෂයින් හෙල්ත්කෙයාර් ලිමිටඩ් සමාගමට අයත් වෙයි. එසේම අක්බාර් බ්‍රදර්ස් ලිමිටඩ් වෙත අයත්ව තිබූ අක්බාර් ෆාර්මසූටිකල් (පෞද්) සමාගම වෛද්‍ය ඖෂධ, වෛද්‍ය උපාංග, පෝෂණීය නිෂ්පාදන සහ සෞඛ්‍ය ආරක්ෂක උපාංග මෙරටට ආනයනය කිරීම සහ බෙදාහැරීමේ නිරතව සිටියි.

Visits: 365