OPPO Fan Fest වෙතින් මේ උත්සව සමයේ වට්ටම් ගොන්නක්

ලෝකයේ වේගයෙන්ම වර්ධනය වන නිර්මාණශීලී ජංගම දුරකථන සන්නාමය වන OPPO, එළඹෙන උත්සව සමය වෙනුවෙන් ‘O Fans Festival’නමින් සුවිශේෂී ප්‍රවර්ධන වැඩසටහනක් දියත් කිරීමට සැලසුම් කර තිබේ. මෙම ප්‍රවර්ධන වැඩසටහන තුළදී පාරිභෝගිකයන්ට දෙසැම්බර් මාසය පුරා OPPO උපාංග වර්ග රාශියක් සඳහා සුවිශේෂී වට්ටම් හා දීමනා හිමිවනු ඇත.

මීට අමතරව ජනප්‍රිය කලාකරුවන් රැසකගේ සහභාගීත්වයෙන් ‘O Fans Night’ නමින් ගැයුම් වැයුම් සහිත විනෝදාත්මක වැඩසටහනක් පැවැත්වීමටද OPPO කටයුතු යොදා තිබේ. තරුණ පරපුර අතර ජනප්‍රියම සන්නාමය බවට පත්වීමට OPPO සමත්වී ඇත්තේ මෙවැනි වැඩසටහන් හේතුවෙනි.

‘O Fans Festival’ වැඩසටහන ක්‍රියාත්මක වන කාලයේදී OPPO F17 දුරකථන මාදිලිය මිලදීගන්නා විට, OPPO EncoFree W11 හෙඞ්ෆෝන් උපාංග සඳහා 50% ක වට්ටමක් හිමි වේ.

OPPO මෙතක් හඳුන්වා දුන් දුරකථන මාදිලි අතරින් වඩාත්ම අලංකාර මාදිලියක් ලෙස සැලකෙන OPPO F17 මාදිලිය, මෑතකදී පැවති අතථ්‍ය (Virtual) උත්සවයකදී නිල වශයෙන් හඳුන්වා දෙන ලදි. බරින් අඩු සහ ‘ලෙදර්’ වලට සමාන බාහිර නිමාවක් සහිත මෙම දුරකථන මාදිලියට 30W VOOC Flash Charge තාක්ෂණය යොදා ඇති අතර, සමාජ මාධ්‍ය භාවිතයට ඉතාමත් සුදුසු ලෙස සැලසුම් කරන ලද දර්ශන තිරයක් සහ, වීඩියෝ ක්‍රීඩා වල යෙදීම පහසු වන ආකාරයට ක්‍රියාකාරීත්වය වැඩිදියුණු කරන Hyper Boost 2.1 තාක්ෂණය වැනි අංග වලින්ද එය සමන්විත වේ.

හඳුන්වා දුන් දිනයේ සිටම විශාල ජනප්‍රියත්වයක් හිමිකරගෙන ඇති OPPO Enco Free W11 හෙඞ්ෆෝන් උපාංගය, නවීන තාක්ෂණය සහ අලංකාර නිමාව එක්තැන් කළ සුවිශේෂී නිර්මාණයකි. සංඥා වලට බාධා ඇතිවීම වළක්වන Bluetooth 5.0 chip, 8mm dynamic drivers, සුවිශේෂී ear-bud නිමාව සහ දුහුවිලි හා ජලය ඇතුළු වීම අවම කිරීමේ හැකියාව වැනි විශේෂාංග රැසක් මීට ඇතුළත් ය.

“එළඹෙන නව වසර හමුවේ පාරිභෝගිකයන්ට නවතම උපාංග සහන මිලට ලබාගත හැකිවන ආකාරයට මෙසේ වට්ටම් හා දීමනා ලබාදීමට හැකිවීම අපට මහත් සතුටක්. පවතින වසංගත තත්ත්වය හමුවේ පවා 2020 වසර අපට ඉතා සාර්ථක වසරක් වුණා. මෙම වැඩසටහන, ඒ සාර්ථකත්වය වෙනුවෙන් ශ්‍රී ලාංකික පාරිභෝගිකයන්ට අපගෙන් පිදෙන තිළිණයක් ලෙස හැඳින්වීමට පුළුවන්. ශ්‍රී ලංකාව යනු ආසියානු කලාපයේ වඩාත්ම නැණවත් හා උද්යෝගිමත් වෙළඳපොළවල් අතරින් එකක්. ඉදිරි වසරේදීත් මෙරටට විශිෂ්ටතම තාක්ෂණයන් හා ආකර්ෂණීය නිමාවන් සමීප කරවීමට අප සූදානමින් සිටිනවා.” OPPO Sri Lanka හි ප්‍රධාන විධායක නිලධාරී බොබ් ලී මහතා පැවසී ය.

මීට අමතරව Enco W51 හෙඞ්ෆෝන් උපාංග සහ OPPO Watch උපාංග සඳහාද මෙම දීමනා වැඩසටහන අදාළ වේ. Enco W51 යනු ඊට පෙර මාදිලිය මෙන්ම, තරුණ පරපුර වෙනුවෙන්ම සැලසුම් කර නිෂ්පාදනය කරන ලද හෙඞ්ෆෝන් උපාංගයකි. Black සහ Silver Mist යන වර්ණ වලින් ලබාගත හැකි OPPO Watch උපාංගය, ශරීර සුවතා ඉලක්ක සපුරාගැනීම ඉතා පහසු වන ආකාරයට සැලසුම් කර ඇත. 2021 වසර තුළදී තම ශරීර සුවතා ඉලක්ක ළඟා කරගැනීමට අපේක්ෂා කරන ඕනෑම කෙනෙකුට OPPO Watch උපාංගය කදිම ආයෝජනයක් වනු නිසැක ය.
OPPO Sri Lanka නිල වෙබ් අඩවිය සහ සමාජ මාධ්‍ය පිටු ඔස්සේ ‘O Fans Festival’පිළිබඳ වැඩිදුර තොරතුරු ලබාගත හැකි වේ.

Visits: 58