එළැඹෙන උත්සව සමයේදී HNB ක්‍රෙඩිට් කාඩ්පත් හිමියන්ට ආකර්ෂණීය වට්ටම් හා ප්‍රතිලාභ ලබා දෙන “Happy inside” මෙවරත්

හැටන් නැෂනල් බැංකුව එළැඹෙන උත්සවය සමය වෙනුවෙන් සිය කාඩ්පත් හිමියන්ට 70%ක් දක්වා වූ වට්ටම් ඇතුළුව පුළුල් පරාසයක විශේෂ දීමනා රැසක් ලබා දීම සඳහා දිවයින පුරා පිහිටි ජනප‍්‍රිය වෙළෙඳ සැල් 300කට අධික සංඛ්‍යාවක් සමඟ අත්වැල් බැඳගත් බව නිවේදනය කර ඇත.

ඒ අනුව සිල්ලර, අවන්හල්, සංචාරක, ස්මාර්ට් උපකරණ, ඇඳුම් හා ආයිත්තම් ඇතුළු තවත් බොහෝ ජනප‍්‍රිය දේශීය හා ජාත්‍යන්තර සන්නාම සමඟ අත්වැල් බැඳ ගත් බව බැංකුව සඳහන් කරයි.

එමෙන්ම HNB කාඞ්පත් හිමියන්ට 2020 දෙසැම්බර් 31 දක්වා මාස 3, 6 හා 12 ක කාලයක් සඳහා රක්ෂණ, අධ්‍යාපන සහ සෞඛ්‍ය සේවා ආයතනවලට සිදු කරනු ලබන ගෙවීම් සඳහා පොළී රහිත වාරික ගෙවීමේ වරප‍්‍රසාදයක් ද බැංකුව හඳුන්වා දී ඇත.

මෙම නවතම කාඞ්පත් ප‍්‍රවර්ධන වැඩසටහන පිළිබඳව අදහස් දක්වන HNB කාඩ්පත් අංශ ප‍්‍රධානී ගෞතමී නිරංජන් මහත්මිය, ‘‘සෑම වසරකම අපගේ ගනුදෙනුකරුවන්ට උත්සවය සමය වෙනුවෙන් හැකි උපරිම ප‍්‍රතිලාභ ලබා දීමට අප කටයුතු කරනවා. පසුගිය වසර ඇත්තෙන්ම අභියෝගාත්මක වූ නිසා වෙළෙඳපොලේ ඇති හොඳම දේ මෙවර අපගේ ගනුදෙනුකාරභවතුන්ට ලබා දීම සහතික කිරීමට ඉතා  ඕනෑ කමින් කටයුතු කිරීමට අපට අවශ්‍ය වුනා.’‘ යනුවෙන් පැවසුවේය.

මේ වසරේ ‘Happy inside’ වැඩසටහන සමඟින් ගනුදෙනුකාරභවතුන්ට 100+ ප‍්‍රමුඛ පෙළේ විලාසිතා සන්නාම, 50+ සංචාරක හා හෝටල් හා ආපන ශාලා සහකරුවන්, වාහන නඩත්තු කටයුතු, ස්වර්ණාභරණ, සුපිරි වෙළෙඳසැල් සහ මාර්ගගත (online) අලෙවිසැල් වලින් වට්ටම් හා විශේෂ දීමනා ලබා ගත හැකියි. එමෙන්ම HNB Prestige Prime කාඩ්පත් හිමියන්ට තෝරාගත් මෝටර් රථ අලෙවිසැල් වලින් 50%ක් දක්වා වූ වට්ටම් ලබා ගැනීමට අවස්ථාව ඇත.

තවද බැංකුව අන්තර්ජාලය හරහා භාණ්ඩ මිලදී ගැනීම් සිදු කරනු ලබන ගනුදෙනුකාරභවතුන් සඳහා පුළුල් පරාසයක අන්තර්ජාල වෙළෙඳ වෙබ් අඩවි සහකරුවන් සමඟ ද එක් වෙමින් මාස 24ක් දක්වා වූ පොළී රහිත වාරික ගෙවීම් විකල්ප සහිත ආකර්ෂණීය ප‍්‍රතිලාභ හා 50%ක් දක්වා විශේෂ වට්ටම් ලබා දෙයි.

මීට අමතරව ක්‍රෙඩිට් කාඩ්පත් හිමියන්ට ඔවුන්ගේ එදිනෙදා සාප්පු සවාරි කටයුතු කරගෙන යාමට හොඳම වටිනාකමක් ලබා දීම සඳහා මෙරට ප‍්‍රමුඛ පෙළේ පාරිභෝගික සුපිරි වෙළෙඳසැල් සමඟ ද HNB අත්වැල් බැඳගෙන ඇත. ඒ අනුව සියලූම කීල්ස් සුපිරි වෙළෙඳසැල් සහ සොෆ්ට්ලොජික් ග්ලෝමාර්ක් සුපිරි වෙළෙඳසැල් වෙතින් ගනුදෙනුකාරභවතුන්ට සුවිශේෂී වට්ටම් හා දීමනා හිමි වනු ඇත. මේ අතර සති අන්තවලදී  ඕනෑම ආර්පිකෝ සුපර්සෙන්ටර්ස් හා සුපර්ස්ටෝර්ස් වලින් මෙන්ම  ඕනෑම කාර්ගිල්ස් ෆුඞ් සිටි වෙළෙඳසැලකින් විශේෂ වට්ටම් හා දීමනා හිමි කර ගැනීමට ද HNB කාඞ්පත් හිමියන්ට අවස්ථාව ඇත. 

HNB විසින් මෙම උත්සව සමයේ ලබා දෙන දීමනා අතර බැංකුවේ සැලකිය යුතු හෝටල් ජාලය හරහා ආකර්ෂණීය ප‍්‍රතිලාභ හා 75%ක් දක්වා වට්ටම් ඇතුලත් වන අතර සංචාරය කිරීමට කැමති කාඞ්පත් හිමියන්ට HNB සමඟ එක්ව සිටින ප‍්‍රමුඛ පෙළේ සංචාරක ආයතන වෙතින් හිමි වන පොළී රහිත වාරික ගෙවීම් වාසිය ලබා ගත හැකිය.

කාඞ්පත් හිමියන්ට දිවයින පුරා පිහිටි ප‍්‍රමුඛ පෙළේ විලාසිතා සන්නාම සහ වාහන නඩත්තු සේවා පවත්නා ගෙන යන වෙළෙඳසැල් වෙතින් 50%ක් දක්වා වට්ටම් හිමි කර ගැනීමට ද හැකිය.

වර්තමානය වන විට HNB කාඞ්පත් වීසා ක්ලැසික් (Visa Classic), ගෝල්ඞ් (Gold), ප්ලැටිනම් (Platinum), සිග්නේචර් (Signature) හා ඉන්ෆිනිටි (Infinite) වලට අමතරව මාස්ටර්කාඞ් රෙගියුලර් (MasterCard Regular), ගෝල්ඞ් (Gold), ප්ලැටිනම් (Platinum) සහ වර්ල්ඞ් (World) ආදි කාඞ්පත් රැසක් නිකුත් කර තිබේ. ඒ සෑම කාඞ්පත් හිමියෙකුටම බැංකුවේ අනෙකුත් ආකර්ෂණීය විශේෂාංග රැසක් භුක්ති විඳීමේ පහසුකම් සැලසෙන අතර ඔවුන්ට කිසිඳු ආරම්භක ගාස්තුවක් අය නොකරයි. එමෙන්ම තම පවුලේ සාමාජිකයින් ද සම්බන්ධ කර ගත හැකි අමතර කාඞ්පත් ලබා ගැනීමේ පහසුකම් සහ මාර්ගගත සාප්පු සවාරි අත්දැකීමක් සහතික කර ගැනීම සඳහා 3D ආරක්ෂක පහසුකම (එක් වරක් පමණක් භාවිතා කළ හැකි මුරපද සේවාව (OTP) ද ඇතුලත් වේ. මේ සඳහා කිසිඳු වාර්ෂික හෝ අමතර ගාස්තුවක් අය කරන්නේ නැත.

මෙම ප‍්‍රවර්ධනය කි‍්‍රියාත්මක වන 300+ හවුල්කාල වෙළෙඳසැල් ලැයිස්තුව පිළිබඳව දැන ගැනීම සඳහා https://www.hnb.net/personal/promotions/card-promotion යන HNB හි කාඞ්පත් අංශය වෙත පිවිසෙන්න.

Visits: 116