CSE මගින් ලැයිස්තුගත සමාගම් තුනක ගනුදෙනු අත්හිටුවීමට යයි

කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත සමාගම් තුනක් වන, ඔෆිස් ඉක්විප්මන්ට් පීඑල්සී (OFEQ), පැරගොන් සිලෝන් පීඑල්සී (PARA) සහ සිලෝන් ප්‍රින්ටර්ස් පීඑල්සී (CPRT) යන සමාගම්වල ගනුදෙනු ලබන දෙසැම්බර් 23 වැනිදා අත්හිටුවන බව කොළඹ කොටස්  හුවමාරුව නිවේදනය කර සිටියි.

මේ වනවිට අදාළ සමාගම් කොළඹ කොටස් හුවමාරුවෙහි Watch List ලැයිස්තුවට ඇතුළත් කර තිබේ. 2020 ජුනි 30 වැනිදායින් අවසන් වූ කාර්තුව සඳහා එම සමාගම් වෙතින් සිය මූල්‍ය ප්‍රකාශන ඉදිරිපත් කර නොතිබීම මෙලෙස එම Watch List ලැයිස්තුවට එම සමාගම් ඇතුළත් කර තිබීමට හේතුව වී තිබේ.

ඒ අනුව 2020 දෙසැම්බර් 22  වැනිදාට පෙරාතුව ඔෆිස් ඉක්විප්මන්ට් පීඑල්සී (OFEQ), පැරගොන් සිලෝන් පීඑල්සී (PARA) සහ සිලෝන් ප්‍රින්ටර්ස් පීඑල්සී (CPRT) යන සමාගම් එම මූල්‍ය ප්‍රකාශන ඉදිරිපත් කිරීමට අපොහොසත් වන්නේ නම් මෙලෙස දෙසැම්බර් 23 වැනිදා සිට එම සමාගම්වල ගනුදෙනු අත්හිටුවන බව කොළඹ කොටස් හුවමාරුව දන්වා තිබේ.

Visits: 1036