සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවෙන් ‘ආයෝජකයෙකුට මගපෙන්වීමක්’

කොළඹ කොටස් වෙළෙඳ පොළ තුළ ආයෝජනයේදී ආයෝජකයෙකු අනුගමනය කළ යුතු සහ අනුගමනය නොකළ යුතු කරුණු පිළිබඳ උපදෙස් ඇතුළත් මාර්ගෝපදේශ සහිත නවතම ප්‍රකාශනයක් ඉදිරිපත් කරන්නට එහි නියාමකයා වන ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව (SEC) පියවර ගෙන ඇත.

‘ආයෝජකයෙකුට මගපෙන්වීමක්’ ලෙස ඉදිරිපත් කර ඇති මෙම ප්‍රකාශනය අන්තර්ජාලය හරහා භාගත කිරීමේ හැකියාව පවතී.

“කොටස් වෙළෙඳ පොළ යනු ඔබගේ මුදල් දිගුකාලීනව ආයෝජනය කර අනාගතයේදී ඉහළ ප්‍රතිලාභ ලබා ගත හැකි ආයෝජන මාර්ගයකි.” කොමිෂන් සභාව මෙහිදී සඳහන් කරයි.

එහිදී නිසි ඵල නෙලාගැනීමට නම් ආයෝජකයාගේ දැනුවත්භාවය ඉතා වැදගත් සාධකයක් බව පවසන එම කොමිෂන් සභාව, තමා තොරාගත් ආයෝජනයේ ස්වභාවය, එහි ප්‍රතිලාභ, අවදානම සහ ආරක්ෂාව ඇතුළු බොහෝ කරුණු සම්බන්ධව තමන් කොපමණ දුරට දැනුවත්ද යන්න පෙන්නුම් කරන මිනුම් දණ්ඩක් බවත් පවසයි.

“කොටස් වෙළෙඳපොළ නිසි ප්‍රතිලාභයක් ලබා ගැනීමට නම් ආයෝජනය බැදුනු නිතර වෙනස් වන තොරතුරු පිළිබඳව සහ ඔබ විසින් කළ  යුතු සහ නොකළ යුතු දේ පිළි බඳවත් හොඳින් දැනුවත්ව එය සිදු කළ යුතුය.” කොමිෂන් සභාව සඳහන් කරයි.

මෙම ප්‍රකාශනය මෙම සබැඳිය හරහා භාගත කර ගත හැකිය.
shorturl.at/vxSY0

Visits: 519