LOLC වෙතින් ණයකර නිකුතුවක්

කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත සමාගමක් වන LOLC හෝල්ඩිංග්ස් පීඑල්සී සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලය විසින් මිලියන 65ක (65,000,000)ක ණයකර කොටස් නිකුතුවක් සඳහා තීරණය කර ඇතැයි එම සමාගම පවසයි.

ලැයිස්තුගත, වර්ග කෙරුණු, සුරක්ෂිත නොවූ, පිරිමුදවාගත හැකි ලෙස සිදුකර මෙම ණයකර නිකුතුවේ වටිනාකම රුපියල් බිලියන 6.5 කි. (6,500,000,000ක්) බවද සමාගම සඳහන් කරයි.

කෙසේ වෙතත් මෙම ණයකර නිකුතුව සඳහා නියාමකයා වන කොළඹ කොටස්  හුවමාරුවේ අනුමැතිය අවශ්‍යව ඇති බවත් ඉන් අනතුරුව මෙම ණයකර නිකුතුව එහි ලැයිස්තුගත කරන බවත් සමාගම පවසයි.

Visits: 464