IMF පවසන ඉදිරි වසර 5දී ඉල්ලුම වැඩි වන සහ අඩු වන රැකියා මෙන්න

වර්තමානයේදී ලොව උද්ගතව පවතින කොවිඩ්-19 වසංගත තත්ත්වයත් අනාගත තාක්ෂණික දියුණුවත් සමගින්ම ඉදිරි වසර පහක කාලය තුළදී ඇතැම් රැකියා නැතිවීයාමක් මෙන්ම අලුතින් රැකියා බිහිවීමක් සිදුවිය හැකි බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) පවසයි.

එම අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂිකා සාදියා සාහිදී විසින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මූල්‍ය සහ සංවර්ධන සඟරාව වෙත ලිපියක් ලියමින් මේ බව සඳහන් කරයි. ‘The jobs of Tomorrow’ ලෙස රචනා වී ඇති මෙම ලිපිය එම සඟරාවේ දෙසැම්බර් කලාපය තුළ ප්‍රකාශයට පත් කෙරී ඇත.

විශේෂයෙන්ම කර්මාන්ත බලාපොරාත්තු නොවූ තරම් වේගයෙන් ස්වයංක්‍රීයකරණය වීම  හරහා ඉදිරි වසර පහේදී ලොව පුරා රැකියා මිලියන 85ක් අහිමිවීයාමේ අවස්ථාවක් පවතී. එහිදී කොවිඩ්-19 හි බලපෑම මූලිකව එල්ල වූ බවත්, සමාගම් බොහෝමයක්ම සිය සේවා පවත්වාගෙන යාම සඳහා තාක්ෂණය යොදා ගැනීමට උනන්දුවක් දක්වා ඇත.

මෙම ලිපියට අනුව සමීක්ෂණය කෙරුණු සමාගම් අතරින් 43%ක්ම ඉදිරියේදී සිය මෙහෙයුම් වෙත තාක්ෂණය අන්තර්ග්‍රහණය කරගැනීමේ අරමුණින් ශ්‍රමබලකාය අඩු කිරීම සඳහා  යොමුවීමක් සිදු කරන බව  පවසා ඇත.

ඒ අනුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට අනුව ඉදිරි වසර පහ තුළදී ඉල්ලුම වැඩි වන ප්‍රධානතම රැකියා අංශ 10 මෙසේය. 1. දත්ත විශ්ලේෂණය සහ විද්‍යාත්මක දත්ත විශ්ලේෂණය, 2. කෘත්‍රිම බුද්ධිය සහ යාන්ත්‍රික ඉගැන්වීම් විශේෂඥයන්, 3. දැවැන්ත දත්ත විශේෂඥයන්, 4. ඩිජිටල් අලෙවිකරණ සහ උපායමාර්ගික විශේෂඥයන්, 5. මෙහෙයුම් ස්වයංක්‍රීයකරණ විශේෂඥයන්, 6. ව්‍යාපාර සංවර්ධන වෘත්තීයවේදීන්, 7. ඩිජිටල් අනුවර්තනය පිළිබඳ විශේෂඥයන්, 8. තොරතුරු ආරක්ෂාව පිළිබඳ විශ්ලේෂකයන්, 9. මෘදුකාංග සහ ඇප් වැඩසටහන් සංවර්ධකයන් 10. ඉන්ටර්නෙට් ඔෆ් තින්ග්ස් විශේෂඥයන්, 11. ව්‍යාපෘති කළමනාකරුවන්, 12. ව්‍යාපාර සේවා සහ පරිපාලන කළමනාකරුවන්, 13. දත්ත සහ ජාල වෘත්තීයවේදීන්, 14. රොබො ඉංජිනේරුවරුන්, 15. උපායමාර්ගික උපදේශකයන්, 16. ෆින්ටෙක් ඉංජිනේරුවරුන්, 17. යාන්ත්‍රික සහ යන්ත්‍ර අලුත්වැඩියාකරුවන්, 18. සංවිධානාත්මක සංවර්ධන විශේෂඥයන් සහ ආපදා කළමනාකරණ විශේෂඥයන්  යනාදී පිරිසයි.

එසේම ඉදිරි වසර 5 දී ඉල්ලුම අඩුවන රැකියාවන් යටතට 1. දත්ත ඇතුළත් කිරීමේ ලිපිකරුවන්, 2. පරිපාලන සහ විධායක ශ්‍රේණියේ ලේකම්වරුන්, 3. ගණකාධිකරණය, පොත් තැබීම සහ වැටුප් ලැයිස්තු ලිපිකරුවන්, 4. ගණකාධිකාරීවරුන් සහ විගණන පරීක්ෂකයන්, 5. එකලස්කරුවන් සහ කර්මාන්ත සේවකයන්, 6. ව්‍යාපාර සේවා සහ පරිපාලන කළමනාකරුවන්, 7. පාරිභෝගික තොරතුරු සහ පාරිභෝගික සේවා සේවකයන්, 8. මහා සහ මෙහෙයුම් කළමනාකරුවන්, 9. යාන්ත්‍රික සහ යන්ත්‍ර අලුත්වැඩියාකරුවන්, 10. අමුද්‍රව්‍ය-වාර්තා තැබීම් සහ තොග තොරතුරු රැස් කිරීමේ ලිපිකරුවන්, 11. මූල්‍ය  විශ්ලේෂකයන්, 12. තැපැල් සේවා ලිපිකරුවන්, 13. අලෙවි නියෝජියන් හා තොග සහ නිෂ්පාදන, තාක්ෂණික සහ විද්‍යාත්මක නිෂ්පාදන, 14. සබඳතා කළමනාකරුවන්,  15. බැංකු අංශයේ ලිපිකරුවන්, 16. නිවෙස් වෙත ගොස් සිදු කරන අලෙවි, මහාමාර්ග තුළ සිදු කරන අලෙවි කිරීම්, 17 විදුලි උපකරණ සහ දුරකතන සබඳතා පිහිටුවන්නන් සහ අලුත්වැඩියා කරන්නන්, 18. මානව සම්පත් විශේෂඥයන්, 19. පුහුණු සහ සංවර්ධන විශේෂඥයන් සහ ඉදිකිරීම් කම්කරුවන් යනාදී රැකියා ඊට අයත් වෙයි.

මෙහිදී ඉදිරි වසර පහ තුළදී සිදුවන රොබෝ තාක්ෂණික විප්ලවය හරහා ලොව පුරා අලුතින් නව රැකියා මිලියන 97ක් නිපදවෙනු ඇතැයිද මෙම ලිපිය සඳහන් කරයි. විශේෂයෙන්ම කෘත්‍රිම බුද්ධිය මූලික කරගත් රැකියා ක්ෂේත්‍රවල වැඩි වර්ධනයක් දැකගත  හැකිය.

Visits: 1010