ශ්‍රී ලංකාවේ කොත්තු ලෝකයටම කවන්න යයි

කොත්තු රොටී හා ආප්ප වැනි ශ්‍රී ලාංකික ආහාර වර්ග සාදන ආකාරය ලෝකයාට ඉගැන්වීමේ ප්‍රදර්ශන කුටියක් ඉකුත් 06 වැනිදා වියට්නාමයේදී පැවැත් වුණු ලෝක ආහාර ප්‍රදර්ශනයකදී ඉදිරිපත් කර තිබූ බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.

වියට්නාමයේ විදේශ කටයුතු අමාත්‍යංශය මගින් මෙම ලෝක ආහාර ප්‍රදර්ශනය සංවිධානය කරන තිබේ. එහිදී ශ්‍රී  ලංකාවේ මෙම පුදර්ශන කුටියටද විශේෂ තැනක් හිමිව තිබුණි. හැනොයි හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසින් ශ්‍රී  ලංකා ආහාර සකස් කරන ප්‍රදර්ශන කුටිය සංවිධානය කර ඇත.

මෙහිදී ශ්‍රී ලාංකික කෙටි ආහාර වර්ග සමඟ ලංකා තේ ද මෙම ප්‍රදර්ශනය නැරඹීමට පැමිණි අයට නොමිලේම පිරිනමා  තිබේ. වියට්නාම ජාතිකයෝ සහ විදේශිකයෝ මෙම රසවත් ආහාර පාන සහ උණුසුම් සත්කාරකත්වයද භුක්ති විඳි බව හැනොයි නුවර ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පවසයි.

ප්‍රදර්ශන කුටි 115 කින් සමන්විත වූ මෙම ආහාර පාන ප්‍රදර්ශනය නැරඹීමට ආසන්න වශයෙන් 1,500 ක් පමණ දෙනා පැමිණ තිබේ. හැනොයි හි සහ වියට්නාමයේ වෙනත් ප්‍රධාන නගරවල සහ පළාත්වල වෙසෙන ශ්‍රී ලාංකික ප්‍රජාව මෙම උත්සව අංගය සඳහා ක්‍රියාකාරීව සහභාගී වූ අතර, ඉතා සාර්ථක ප්‍රවර්ධන වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් සිය නොමසුරු සහය ලබා දී තිබේ.

Visits: 117