ආචාර්ය ඩී.එස්. රාජපක්ෂ සැම්සන් ඉන්ටර්නැෂනල් පීඑල්සී සභාපති ධුරයෙන් විශ්‍රාම යයි

සැම්සන් සමූහ ව්‍යාපාරයට අයත් කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත සමාගමක් වන සැම්සන් ඉන්ටර්නැෂනල් පීඑල්සී සමාගමේ සභාපති ධුරයේ කටයුතු කළ ආචාර්ය ඩී.එස්. රාජපක්ෂ මහතා එම ධුරයෙන් විශ්‍රාම ගොස් ඇතැයි සමාගම පවසයි. 2020 සැප්තැම්බර් 30 වැනිදා සිට මෙම ඉවත්වීම බලාත්මක වී තිබේ.

මේ අතර, රාජපක්ෂ මහතා සිය ධුරයෙන් විශ්‍රාම යන අවස්ථාව වනවිට සැම්සන් ඉන්ටර්නැෂනල් පීඑල්සී සමාගමේ කොටස් අතරින් කොටස් 217ක හිමිකාරීත්වයක් පැවැති බවත් සමාගම සඳහන් කරයි.

කොළඹ කොටස් හුවමාරුවේ ලැයිස්තුගත සමාගමක් ලෙස සැම්සන් ඉන්ටර්නැෂනල් පීඑල්සීහි සිදු වූ මෙම  ඉවත්වීම සම්බන්ධයෙන් දැනුම්දීම සඳහා පමාවීමට හේතුව ඒ පිළිබඳ නීතිමය උපදෙස් පැතීමට සිදුවීම බවත්, 2019 වසරේ වාර්ෂික මහා සභාරැස්වීමේදී නැවත පත් කෙරුණු වයස අවුරුදු 70ට වඩා වැඩි අධ්‍යක්ෂ මණ්ඩලයේ සාමාජිකයන්ගේ වලංගු කාලසීමාව පිළිබඳව තීරණයක් ගැනීමට සිදුවීමත් යනාදිය බවද සමාගම සඳහන් කරයි.

Visits: 220