සමස්ත ලංකා වෘත්තීය දේශකවරුන්ගේ සංගමයේ නිල බැංකු සහකරුවා ලෙස HNB එක් වෙයි

සමස්ත ලංකා වෘත්තීය දේශකවරුන්ගේ සංගමයේ (APLA) සාමාජිකයින්ට ප‍්‍රතිලාභ රැසක් සහ පාරිභෝගික බැංකු සේවා සැපයීම සඳහා නිල බැංකු සහකරුවා ලෙස හැටන් නැෂනල් බැංකුව (HNB) පසුගියදා එම සංගමය සමඟ අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබූ බව පවසයි.

දෙපාර්ශ්වය සඳහාම අද්විතීය අවස්ථාවක් වන මෙම සහයෝගීතාවය මගින් APLA හි සාමාජිකයින්ට නිවාස හා පුද්ගලික ණය, ලීසිං පහසුකම්, ණයපත් සහ මෙරට මුදල් ඒකක සහ විදේශ මුදල් ගිණුම් ඇතුළු සියලූම HNB හි පාරිභෝගික බැංකු සේවා සඳහා ආකර්ෂණීය ප‍්‍රතිලාභ සහ විශේෂ පොලී අනුපාත හිමි වනු ඇත.

HNB විධායක අධ්‍යක්ෂ/ප‍්‍රධාන මෙහෙයුම් නිලධාරී, දිල්ශාන් රොද්‍රිගෝ, HNB හි පාරිභෝගික සහ සුළු හා මධ්‍ය පරිමාණ බැංකු කටයුතු පිළිබඳ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීල සන්ජේ විජේමාන්න, HNB ජ්‍යෙෂ්ඨ කළමනාකාර (පුද්ගල මූල්‍ය සේවා), කාංචන කරුණාගම, APLA සභාපති ආචාර්ය අමිත් පුස්සැල්ල, APLA ලේකම් කමල් ප‍්‍රියංකර සහ APLA නියෝජ්‍ය භාණ්ඩාගාරික චන්දික ජීවනාත් යන මහත්වරු දෙපාර්ශ්වය අතර වන මෙම අවබෝධතා ගිවිසුමට HNB ප‍්‍රධාන කාර්යාලයේදී මෑතකදී අත්සන් තැබීය.

HNB SOLO සහ HNB MOMO වැනි ඩිජිටල් බැංකු සේවා රැසක් ලබා දීමට අමතරව බැංකුව විසින් APLA සියලූම සාමාජිකයින් සඳහා ඉදිරියේදී විශේෂිත ණයපතක් නිකුත් කිරීමට ද කටයුතු යොදා ඇත. දිවයින පුරා විසිර සිටින තුන්දහස් තුන්සීයක  සංඛ්‍යාවකින් යුතු APLA සාමාජිකයින්ට ළඟම ඇති HNB ශාඛාව වෙතින් මේ පිළිබඳව වැඩි විස්තර දැන ගත හැකිය.

ඡායාරූපය – APLA සභාපති ආචාර්ය අමිත් පුස්සැල්ල සහ HNB විධායක අධ්‍යක්ෂ/ප‍්‍රධාන මෙහෙයුම් නිලධාරී, දිල්ශාන් රොද්‍රිගෝ යන මහත්වරු අදාල අවබෝධතා ගිවිසුම හුවමරු කර ගනිමින්. APLA නියෝජ්‍ය භාණ්ඩාගාරික චන්දික ජීවනාත්, APLA ලේකම් කමල් ප‍්‍රියංකර, HNB හි පාරිභෝගික සහ සුළු හා මධ්‍ය පරිමාණ බැංකු කටයුතු පිළිබඳ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී, සන්ජේ විජේමාන්න සහ HNB ජ්‍යෙෂ්ඨ කළමනාකාර (පුද්ගල මූල්‍ය සේවා), කාංචන කරුණාගම යන මහත්වරුන්

Visits: 50