රවී ලියනගේ‍ට මහපොල භාරකාර අරමුදලේ අධ්‍යක්ෂ මණ්ඩල ධුරයක්

රයිගම් සමූහ ව්‍යාපාරයේ සභාපති ආචාර්ය රවී ලියනගේ මහතා මහපොළ උසස් අධ්‍යාපන භාරකාර අරමුදල් මණ්ඩලයේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු ලෙස පත් කරගෙන ඇතැයි වෙළෙඳ අමාත්‍යාංශය පවසයි.

එම අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා අතින් පෙරේදා ඊට අදාළ ලිපිය ආචාර්ය රවී ලියනගේ මහතා වෙත ලබා  දී තිබේ. වසර පහක කාලසීමාවක් සඳහා මෙම පත් කිරීම සිදු කෙරෙන බව වෙළෙඳ අමාත්‍යාංශය පවසයි.

ආචාර්ය රවී ලියනගේ මහතා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආදි විද්‍යාර්ථියෙකුද වෙයි.

Visits: 66