“2030 වන විට 5G පාරිභෝගික වෙළඳපොළ වටිනාකම ඇ. ඩොලර් ට්‍රිලියන 31ක්” – එරික්සන් ඇස්තමේන්තු කරයි

එරික්සන් කොන්සියුමර් ලැබ් (NASDAQ: ERIC) විසින් පසුගියදා නිකුත් කළ ‘5G පාරිභෝගික විභවය ප්‍රයෝජනයට ගැනීම’ යන නව වාර්තාවට අනුව, 2030 වන විට ලෝපුරා 5G පාරිභෝගික වෙළඳපොළ වටිනාකම ඇ. ඩො. ට්‍රිලියන 31ක් විය හැකි බව පවසයි.

එහිදී සන්නිවේදන සේවා සපයන්නන් විසින් එම මුදලින් ඇ. ඩො. ට්‍රිලියන 3.7ක් තම ආදායම වශයෙන් සටහන් කර ගත හැකි අතර, ආසන්න ඩිජිටල් සේවා අවස්ථා පැන නැගෙනවාත් සමග, එම ආදායම තවත් වැඩි විය හැකි බව එම වාර්තාව පෙන්වා දෙයි.

තව දුරටත් එම වාර්තාව ඇස්තමේන්තු කරන ආකාරයට 2030 වන විට 5G භාවිතයන් පූර්ව විචාරී ලෙස එකතු කිරීමෙන් සන්නිවේදන සේවා සපයන්නන් විසින් ඇ. ඩො. බිලියන 131ක් ජනනය කළ හැකි වෙයි. මෙම ආදායම් ඇස්තමේන්තු වලින් 40%ක් පමණ ආරෝපණය කර ඇත්තේ වර්ධිත වීඩියෝ, වර්ධිත යතාර්ථය (AR) , තත්‍යසම යථාර්තය (VR) සහ 5G ජාල හරහා අන්තර්ජාලය ඔස්සේ ක්‍රීඩා වෙතය.

කොවිඩ්-19 වසංගතය තුළින් පෞද්ගලික මුදල් හා මුල්‍ය ප්‍රමුඛතා මත සිදු වන්නට ඇති බලපෑම හේතුවෙන් 5G ග්‍රාහක ලබා ගැනීම සඳහා ආධික්‍යයක් ගෙවීමට පාරිභෝගිකයින්ගේ මනාපයට හේතුවන්නට ඇති බව ප්‍රධාන නිරීක්ෂණ වලින් ඉස්මතු කරයි. 2019 මුල් කාලයේ 5G සඳහා 20%ක ආධික්‍යයක් ගෙවීමට සාමාන්‍ය පාරිභෝගිකයින්ගේ මනාපය තිබුණි. කෙසේ වෙතත්, ලෝ පුරා මුල් ග්‍රාහකයින් තිදෙනෙකුගෙන් එක් කෙනෙකු තවමත් 20%ක ආධික්‍යයක් ගෙවීමට මනාපය දක්වයි. මෙම වාර්තාවට අනුව, මුල් ග්‍රාහකයින් අතර එවන් ඉහළ තත්ත්වයන් තිබීම, ආර්ථික පුනර්ජීවනයක් කරා ලඟා වීමට ඉවහල් විය හැක.

පූර්ව විචාරී ලෙස පාරිභෝගිකයින් අතර 5G භාවිතය දිරිගැන්වීමෙන් සන්නිවේදන සේවා සපයන්නන්ට 2030 වන විට සාමාන්‍ය 5G භාවිත කරන්නකුගෙන් ලබන ආදායම 34%කින් ඉහළ යන බවට ද, වාර්තාව ඇස්තමේන්තු කරයි. මෙතුළින් දශකය පුරා ගත්‍ අකර්මණ්‍ය පිළිවෙත හේතුවෙන් උදාසීන ආදායම් වර්ධනයක් වූ 0.03% ට සාපේක්ෂව, 2.7% ක සංයුක්ත වාර්ෂික වර්ධන අනුපාතිකයක් වෙත පාරිභෝගික ආදායම් වර්ධනය විය හැක.

ජස්මීට් සින්ග්

එරික්සන් රිසච්හි කොන්සියුමර් ලැබ් ප්‍රධානී ජස්මීට් සින්ග් සෙති මෙසේ පවසයි, “සන්නිවේදන සේවා සපයන්නන්ගේ ප්‍රධාන ව්‍යාපාරය වන 5G පාරිභෝගික වෙළඳපොල සම්බන්ධයෙන් ආදායම් ඇස්තමේන්තුවක් එරික්සන් විසින් ඉදිරිපත් කළ මුල් වතාව මෙය වේ. පරිශීලන සංවර්ධනය, නිර්මානාත්මක ගාස්තු ක්‍රමය, ඉහළ තත්වයක 5G ආවරණය සහ වෙළඳපොළේ සැබෑ විභවය අනාවරණය කිරීම සඳහා පරිසර පද්ධතිය මත පදනම්වූ හවුල් ව්‍යාපාරවල මෙහෙවර අපගේ මෙම පර්යේෂණය තුළින් ඉස්මතු කොට ඇත. ඉදිරි දශකය තුළ 5G විසින් සන්නිවේදන සේවා සපයන්නන්ට දැවැන්ත පාරිභෝගික ව්‍යාපාර අවස්ථා සළසා දෙන බව පැහැදිලි වේ. මෙම ගමන දැනටමත් ආරම්භවී ඇති හෙයින්, තමන්ගේ පාරිභෝගික යෝජනා ඉක්මනින් හා පූර්ව විචාරී ලෙස ඉදිරිපත් කරන සන්නිවේදන සේවා සපයන්නන් වැඩි ජයග්‍රහණයක් ලබා ගැනීමට ඉඩ ඇත.”

5G බලවත් කළ පාරිභෝගිකයින්ගෙන් ආදායම සුරක්ෂිත කිරීම සඳහා දාර පරිගණනය හා ජාල ලායනය වැනි තාක්ෂණයන් සේවා සපයන්නන්ට උපකාරී වන ආකාරය ද, මෙම වාර්තාවේ ඉස්මතු කොට ඇත. 5G ජාල හරහා අන්තර්ජාලය ඔස්සේ ක්‍රීඩා සහ වර්ධිත යතාර්ථ යෙදුම්, හෝ රථ වාහන තුළ සබඳතාවන් සහ ඒ හා ආශ්‍රිත ආරක්ෂණ අංග වැනි ආසන්න ඩිජිටල් සේවා ආදී ප්‍රධාන ඩිජිටල් සේවා වලින් මේවා ලබා ගත හැක.

විනෝද් සමරවික්‍රම

එරික්සන් ශ්‍රී ලංකා ප්‍රධානී විනෝද් සමරවික්‍රම මෙසේ පවසයි, “වසංගත කාලය තුළ මිනිසුන් නිවසේ වැඩි කාලයක් ගෙවීම හේතුවෙන් අන්තර්ජාලය ඔස්සේ ක්‍රීඩා, (ළමුන්ගේ ඩිජිටල් වර්ධිත යතාර්ථ පොත් වැනි) ගිල්වූ අධ්‍යාපනය, හෝ දුරස්ථ ඩිජිටල් සජීවී අත්දැකීම් සහිත සේවා පිළිබඳව ආයෝජනය සඳහා උනන්දුව වැඩි වී ඇත. 5G ජාල ඔස්සේ ගනුදෙනු කෙරෙන පාරිභෝකික ආදායම් වලින් සැළකිය යුතු කොටසක් ඇත කර ගැනීමට අවස්ථාවක් සේවා සපයන්නන්ට උදා වී ඇත.

2019 මැයි මාසයේ භාවිතයන් තිහකට වැඩි ප්‍රමාණයක් පිළිබඳව පාරිභෝගික උනන්දුව හා ඒවාට ගෙවීමට ඇති මනාපය පිළිබඳව වාර්තාවක් එරික්සන් කොන්සියුමර් ලැබ් විසින් නිකුත් කරන ලදී. ‘5G පාරිභෝගික විභවය ප්‍රයෝජනයට ගැනීම’ වාර්තාව සේවා සපයන්නන්ට හා වැඩිමනත් තොරතුරු තාක්ෂණ පරිසර පද්ධතියට ව්‍යාපාරික පුරෝකථන කිරීමෙන් එම අන්තර්දෘෂ්ටිය තව දුරටත් දියුණු කරයි.

Visits: 146