‘කංසා’ ලොව වඩාත් භයානකම ඖෂධ ලැයිස්තුවෙන් ඉවත් කරයි

ලොව වඩාත් භයානකම ඖෂධ ලැයිස්තුවෙන් ‘කංසා’ සහ ‘කංසා දුම්මල’ ඉවත් කිරීමට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ වේදනානාශක ඖෂධ පිළිබඳ කොමිසම (UN Commission on Narcotic Drugs) ඊයේ දිනයේදී පියවර ගෙන ඇතැයි වාර්තා වෙයි. ඒ අනුව මෙම තීරණය ඉදිරියේදී මෙම කංසා ගෝලීයව වෛද්‍යමය කංසා ව්‍යාපාරය වෙත අවස්ථාව සලසා දෙනු ඇතැයිද පැවසෙයි.

ඔස්ට්‍රියාවේ වියෙනා නුවර පිහිටි මෙම ඒජන්සිය මෙලෙස කංසා ලොව භයානක ඖෂධ ලැයිස්තුවෙන් ඉවත් කිරීමට අදාළ ඡන්ද විමසීම ඊයේ දිනයේදී පවත්වා තිබේ. එහිදී ඊට පක්ෂව ඡන්ද 27ක් ලැබී ඇති අතර විපක්ෂව ඡන්ද 25ක් ලැබී තිබේ. මෙම ඡන්ද විමසීම සඳහා එහි එක් සාමාජිකයෙකු සහභාගි වී නැත.

ඒ අනුව 1961 පිහිටුවාගන්නා ලද වේදනානාශක ඖෂධ පිළිබඳ සම්මුතිය යටතේ වට්ටෝරු IV හි තිබූ කංසා සහ කංසා දුම්මල මෙලෙස ඉන් ඉවත් කිරීම සිදුව තිබේ. මෙම සම්මුතියට අනුව මෙම ඖෂධ වට්ටෝරු 1 හි ඇතුළත් ජාත්‍යන්තර වශයෙන් ඉහළ පාලනයක් පැවතිය යුතු ඖෂධ යටතේ උප ලේඛනගතව මෙම වට්ටෝර් IV ඇතුළත්ව පැවතුණි.

කෙසේ වෙතත් මෙම කංසා වෛද්‍ය අවශ්‍යතාවකින් තොරව භාවිතයට ගැනීම යොමුවීමක් සිදුවුවහොත් යම් ආකාරයක හානිදායක තත්ත්වයක් වෙනු ඇතැයිද මේ පිළිබඳ අදහස් දක්වන විශේෂඥයන් සඳහන් කර සිටියි.

Visits: 100