හේලීස් ෆැබ්රික් වෙතින් ශ්‍රී ලංකා යුද හමුදාවට රෙදි මීටර 11,500 ක පරිත්‍යාගයක්

කොවිඞ්-19 වසංගතය පැතිරීම වැළැක්වීම සඳහා ආරක්ෂක අමාත්‍යාංශයේ කැපවීම අගයමින් ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛ පෙළේ රෙදිපිළි නිෂ්පාදකයෙකු වන හේලීස් ෆැබ්රික් සමාගම ශ‍්‍රී ලංකා යුද හමුදාව වෙත පසුගියදා මුද්‍රිත රෙදි මීටර් 11,500 ක් පරිත්‍යාග කළ බව පවසයි.

හේලීස් සභාපති හා ප‍්‍රධාන විධායක, මොහාන් පණ්ඩිතගේ මහතා සමඟ හේලීස් ෆැබ්රික් සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ, රොහාන් ගුණතිලක මහතා විසින් ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්, විශ‍්‍රාමික මේජර් ජෙනරාල් ජී. ඩී. එච්. කමල් ගුණරත්න මහතා වෙත මෙම පරිත්‍යාගය සිදු කරන ලදී. මෙවැනි ජාතික ව්‍යවසන කාල පරිච්ඡේදයක් අතරතුර ආරක්ෂක අංශවලට හේලීස් ෆැබ්රික් සමාගම සහාය දැක් වූ ආකාරය මෙම පරිත්‍යාගයෙන් පිළිබිඹු වූ අතර, වෛරසය පැතිරීමේ අවදානම අවම කර ශ‍්‍රී ලංකාව යථා තත්ත්වයට පත් කිරීම වේගවත් සඳහා ඔවුන්ගේ මෙම ප‍්‍රයත්නයන් ප‍්‍රමුඛතාවයක් ගන්නා ලදී.

සමාගම විසින් ශ්‍රී ලංකා යුද හමුදා සෙබළුන් සඳහා ටී-ෂර්ට් සහ බැනියම් නිර්මාණය කිරීමට යොදා ගනු ලබන රෙදි වර්ග දෙකක් මුද්‍රණය කළ අතර, ඒවා සීතල දේශගුණික තත්වයන් හිදී මෙන්ම උණුසුම් කාලගුණික තත්වයන් හි පුහුණුවීම් කිරීමේදී ඇඳීම සඳහා ද භාවිතා කරනු ඇත.

‘‘කොවිඞ්-19 වසංගතයත් සමඟ ශ්‍රී ලංකාවේ ආර්ථිකයට හා සොඛ්‍යයට අහිතකර බලපෑම් ඇති වී තිබෙන අතර මෙම වසංගතය වේගයෙන් පැතිරීම වැළැක්වීම සඳහා ආරක්ෂක අමාත්‍යාංශය ගත් ප‍්‍රයත්නයන් ඉතා ප‍්‍රශංසනීයයි. අන් කවරදාකටත් වඩා, මෙම ක‍්‍රියාන්විතයේදී ඉදිරියෙන්ම සිටින අපගේ වීරෝධාර සෙබළුන්ගේ සේවය අගය කිරීම ඉතා වැදගත්. ඒවගේම, හේලීස් ෆැබ්රික් හි අප විසින් අපගේම සන්නාමයක් සහිත අපනයන ගුණාත්මකභාවයෙන් යුතු රෙදිපිළි ශ‍්‍රී ලංකා හමුදාවට සපයා දෙන්නේ මේ නිසයි,’’ යනුවෙන් හේලීස් ෆැබ්රික් සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ, රොහාන් ගුණතිලක මහතා පැවසුවේය.

හේලීස් ෆැබ්රික් පීල්සී යනු හේලීස් සමූහයට අනුබද්ධිත, ස්වභාවික හා කෘතිම තන්තුවලින් සාදන ලද රෙදි නිෂ්පාදනය සඳහා සැලසුමේ සිට නිෂ්පාදනය දක්වා අවසන් විසඳුම් ලබා දීමේ හැකියාව ඇති ශ්‍රී ලංකාවේ රෙදිපිළි නිෂ්පාදනයේ ප‍්‍රමුඛ සමාගමක් වේ. එහි නිෂ්පාදන හැකියාවන් සමඟ මසකට රෙදි මීටර් මිලියන තුනකට වඩා වැඩි ප‍්‍රමාණයක් බෙදා හැරීම සිදු කරයි.  තවද හේලීස් ෆැබ්රික් සමාගම ඉතා උසස් මට්ටමේ රෙදිපිළි නිෂ්පාකයෙකු ලෙස පිළිගැනීමට ලක් ව ඇත.

Visits: 64