නේෂන්ස් ට්‍රස්ට් ඇමරිකන් එක්ස්ප්‍රස් කාඩ්පත සමගින් දැන් නිවසේ සිටම විදුලි බිල්පත් ගෙවීමේ පහසුව

දැනට පවතින සංචරණ සීමාවන් හමුවේ නිවසේ සිටම ආරක්ෂිතව විදුලි බිල්පත් ගෙවීමට නේෂන්ස් ට්‍රස්ට් බැංකුව සිය ඇමරිකන් එක්ස්ප්‍රස් කාඩ්පත් හිමියන් හට පහසුව සලසා දී ඇතැයි පවසයි.

පාරිභෝගිකයන් වෙනුවෙන් ලබා දී ඇති ස්වයංක්‍රිය බිල්පත් ගෙවීමේ පහසුකමට (Automated Bill Settlement Facility) අමතරව නේෂන්ස් ට්‍රස්ට් බැංකුවේ ඇමරිකන් එක්ස්ප්‍රස් කාඩ්පත ලංකා විදුලිබල මණ්ඩලය සමග අත්වැල් බැඳගනිමින් “CEB Care” ජංගම දුරකථන යෙදවුම (App) සහ ceb.lk විදුලිබල මණ්ඩල වෙබ් අඩවිය හරහා අන්තර්ජාලය ඔස්සේ බිල්පත් ගෙවීමේ පහසුකම ද ඒ අනුව හිමිකර දී ඇත.

මෙම නවත ම පහසුකම පිළිබඳ අදහස් පළකරමින් නේෂන්ස් ට්‍රස්ට් බැංකුවේ කාඩ්පත් අංශයේ ප්‍රධානී නිලූක ගුණතිලක මහතා සඳහන් කළේ, ක්‍රියාශීලී සහ කාර්යබහුල ජීවන රටාවක් ගතකරන සිය පාරිභෝගිකයන් හට වඩාත් වැදගත්වන පහසුව සහ කාලය ඉතිරිකර ගැනීම සඳහා උපයෝගිතා බිල්පත් වැනි මාසික බිල්පත් ගෙවීමේ පහසුකම හිමිකර දීමට සිය බැංකුව ලංකා විදුලිබල මණ්ඩලය සමග එක්ව මෙම පහසුකම පිරිනමන බවය. පවතින වාතාවරණය හේතුවෙන් සියලු දෙනාම හැකි පමණ සංචරණය සීමා කළ යුතු බැවින් මෙම හවුල්කාරිත්වය හරහා සිය ආරක්ෂාව තහවුරු කර ගනිමින් නිවසේ සිටම පහසුවෙන් අන්තර්ජාලය හරහා විදුලි බිල්පත් ගෙවීම් සිදුකිරීමට පාරිභෝගිකයන් හට අවස්ථාව උදාවන බව ද ඒ මහතා සඳහන් කළේය.

ලංකා විදුලිබල මණ්ඩලයේ සහකාර සාමන්‍යාධිකාරී ආචාර්ය රොහාන්ත අබේසේකර මහතා ද මෙම සේවාව පිළිබඳ සිය අදහස් පළ කළේය. “ලොව කීර්තිමත් ගෙවීම් හවුල්කරුවෙකුවන ඇමෙරිකන් එක්ස්ප්‍රස් සමග කටයුතු කිරීමේ අවස්ථාව අප වෙත උදාකරමින් නේෂන්ස් ට්‍රස්ට් බැංකුව සමග අත්වැල් බැඳගැනීමට හැකි වීම පිළිබඳ අප බෙහෙවින් සතුටු වනවා. මෙමගින් අපගේ පාරිභෝගිකයන් හට විදුලි බිල්පත නිවසේ සිටම වඩාත් පහසුවෙන් පියවීමේ හැකියාව හිමිවනවා.”

මෙම හවුල්කාරිත්වය සහ අනෙකුත් දීමනා පිළිබඳව වැඩි විස්තර දැනගැනීම සඳහා www.americanexpress.lk වෙත පිවිසෙන්න. නැතිනම් පැය 24 පුරා ක්‍රියාත්මක අපගේ පාරිභෝගික සේවා ක්ෂණික ඇමතුම් අංකයවන (011) 4 414141 අමතන්න. Nations Mobile Banking App හරහා ද නේෂන්ස් ට්‍රස්ට් බැංකුවේ අලුත් ම දීමනා හා ප්‍රවර්ධන වැඩසටහන් ආදිය සම්බන්ධයෙන් ක්ෂණිකව තොරතුරු දැනගත හැකි අතර iOS සහ Android සඳහා එය ලබාගත හැකි වේ.

Visits: 59