ලංකාවේ ‘කීල්ස්’ ඔස්ට්‍රේලියානු නිෂ්පාදන 17ක ස්ටෝරුවක් දමයි

ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් පීඑල්සී සමූහයට අයත් කීල්ස් සුපිරි වෙළෙඳ සැල් සමාගම මගින් ඔස්ට්‍රේලියාව තුළ වඩාත් ආදරයට ලක් වූ සන්නාම සහිත නිෂ්පාදන පෙළක් ශ්‍රී ලංකික පාරිභෝගිකයන් වෙත තිලිණ කරමින් ‘Keells Australian Store’ ලෙස අන්තර්ජාලය හරහා ක්‍රියාත්මක අලෙවි ස්ටෝරුවක් ආරම්භ කර ඇතැයි පවසයි.

විශේෂයෙන්ම එළැඹෙන නත්තල් සමය ඉලක්ක කරගනිමින් මෙරට වෙසෙන ඔස්ට්‍රේලියානුවන් වෙත පහසුකම් සැලසෙන ලෙස මෙම නවතම හඳුන්වාදීම සිදු කර තිබෙන බව සඳහන් වෙයි.

මෙහිදී ඔස්ට්‍රේලියාවේ වඩාත් ජනප්‍රිය ආහාර සන්නාම 17ක නිෂ්පාදන මිලදී ගත හැකි බව කීල්ස් සුපිරි වෙළෙඳ සැල් සමාගම පවසයි. ඒ අනුව Bega, Bickfords and Sons, Cadbury, Curash, Dolmio, Edgell, FruitCo., Juicee Crush, KanTong, Leggo’s, Masterfoods, SPC, San Remo, Sanitarium සහ White Wings යන සන්නාම මෙම ස්ටෝරුව හරහා අලෙවි කෙරේ.

ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් පීඑල්සී සමාගම යටතේ ක්‍රියාත්මක Jaykay Marketing Servicse Pvt (Ltd) හරහා මෙම මෙහෙයුම් දියත් කර තිබේ. අන්තර්ජාලය හරහා ඇනවුම් කර නිවෙසටම මෙ නිෂ්පාදන ගෙන්වා ගැනීමේ හැකියාව පවතී. https://www.keellssuper.com/showcase/austs

මෙම අවස්ථාව සම්බන්ධයෙන් අදහස් දක්වන ශ්‍රී ලංකාවේ වැඩබලන ඔස්ට්‍රේලියානු මහ කොමසාරිස් ඇමෙන්ඩා ජුවෙල් මහත්මිය, කීල්ස් සමාගම මෙලෙස ඔස්ට්‍රේලියානු සන්නාම 17ක් ශ්‍රී ලාංකික පාරිභෝගිකයන් වෙත හඳුන්වා දෙමින් එම නිෂ්පාදන ප්‍රවර්ධනය කිරීමට කටයුතු යෙදීම සම්බන්ධයෙන් තමන් සතුටට පත්වන බව  පවසා සිටියි. “ඔස්ට්‍රේලියාව කියන්නේ ලෝකයේ වඩාත් පිරිසිදුම පරිසරයක් සහිත රටක් විදියට හැමෝම දන්නවා. මේ ඔස්ට්‍රේලියානු නිෂ්පාදන වෙත ඔස්ට්‍රේලියානුවන් වගේම ශ්‍රී ලාංකිකයනුත් ආදරය කරනවා.” යනුවෙන් සඳහන් කර තිබේ.

Visits: 175