මහ බැංකු මුදල් මණ්ඩලයේ තීරණත් සමග ගැනුම්බරතාව ඉහළට

ශ්‍රී ලංකා මහ බැංකුව මගින් නිකුත් කළ සිය ලිහිල් මුදල් ප්‍රතිපත්තිය එලෙසින්ම පවත්වාගෙන යාමේ තීරණයත් සමගින්ම අද දිනයේදී  (නොවැම්බර් 25) කොළඹ කොටස් හුවමාරුවෙහි ගනුදෙනු තුළද ආරම්භයේ සිටම ඉහළ ගැනුම්බරතාවක් පෙන්නුම් කළ බව කොටස් තැරැව්කාර සමාගම් පවසයි. එසේම වැටුප් ලබන සේවකයන් සඳහා දේපළ ඇපකර සහිත නිවාස ණය සඳහා උපරිම පොලී  අනුපාතිකයක්  හඳුන්වාදීමට මුදල් මණ්ඩලය  තිරණය කිරීමත්, අනාගතයේදී ආර්ථිකයේ තෝරාගත් අංශ සඳහා ණය ලබා දීමේ ඉලක්ක හඳන්වාදීමේ තීරණයත් මෙම තත්ත්වය සඳහා හේතු වී තිබේ.  කෙසේ වෙතත් ආයෝජකයන් තවදුරටත් COVID-19 වසංගත තත්ත්වය පිළිබඳ කනස්සල්ලෙන් පසුවන බවත් කොටස් තැරැව්කාර සමාගම් පවසයි.

ඒ අනුව මෙහිදී සමස්ත කොටස් මිල දර්ශකය (ASPI) අද දිනයේදී ඒකක 6,148.12ත් ඒකක 6,168.23ත් අතර අගයක විචලනයක් පෙන්වීය. එහිදී දිනය නිමා වනවිට එය ඒකක 6,148.12 ක් බවට පත්විය. ඊයේ (නොවැම්බර් 25) දිනයට සාපේක්ෂව එය ඒකක 6.33 ක් එනම් +0.10%ක ඉහළ යාමක් පෙන්නුම් කර ඇත.

පෙර කළ සාකච්ඡාවකට අනුව සිදු වූ කිසිදු ගනුදෙනුවක් දෛනික පිරිවැටුම සඳහා දායකත්වයක් ලබා දී නැති අතර සාමාන්‍ය ගනුදෙනු ඒ සඳහා දායක වී තිබේ..

එසේම අද දිනයේ සිදු වූ සමස්ත ගනුදෙනු අතර සමාගම් 88ක මිල ගණන් ඉහළ ගිය අතර, සමාගම් 84ක මිල ගණන් පහළ යාම සිදු විය.

මෙහිදී සමස්ත කොටස් මිල දර්ශකයේ විචලනය සඳහා වැඩිම දායකත්වය සැපයූ සමාගම් වූයේ සීටී හෝල්ඩිංග්ස් පීඑල්සී CTHR (+2.31), බුකිට් ඩරාහ් පීඑල්සී BUKI (+2.22),  ඩිස්ටිලරීස් කම්පැනි ඔෆ් ශ්‍රී ලංකා පීඑල්සී DIST (+2.11),  මෙල්ස්ටාකෝර්ප් පීඑල්සී MELS (+1.6),  එල්ඕඑල්සී පීඑල්සී LOLC (+1.42),  බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්ස් පීඑල්සී BIL (-3.3), කොමර්ෂල් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී CLC (-2.93), සිලෝන් කෝල්ඩ් ස්ටෝර්ස් ‍ෙලීසිං ඇන්ඩ් ෆිනෑන්ස්  ලංකා ා ඉහළ නැග තිබුණි.ාව ් වාර්තා වී වෙයි. එසේම බ්‍රසීලයෙන්ද සුරු මධ්‍යස්ථානය මගින් සඳහන් කෙරිණි.පීඑල්සී CCS (-1.57),  ජෝන් කීල්ස් හොටෙල්ස් පීඑල්සී KHL (-1.0) සහ  එක්ස්පෝ ලංකා හෝල්ඩිංග්ස්  EXPO (-0.9) යනාදී සමාගම්ය.

ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් ශ්‍රී ලංකා 20 දර්ශකයත් දවසේ ගනුදෙනු නිමාවේදී ඒකක 2,423.66 ක අගයක් ගත් අතර, එය ඊයේ (නොවැම්බර් 25) දිනයට සාපේක්ෂව ඒකක 7.48 ක එනම් +0.31%ක ඉහළ යාමකි.

මෙහිදී දිනයේ සමස්ත පිරිවැටුම රුපියල් බිලියන 1.98ක් ලෙස සටහන්ව තිබූ අතර, එය ඊයේ (නොවැ 25දා) වාර්තා කළ රුපියල් බිලියන 2.5ට සාපේක්ෂව 21%ක ඉහළ යාමකි. එහිදී විදේශීය ආයෝජකයන් දිනයේ වැඩිම අලෙවි කරන්නන් පිරිසක් බවට පත් විය.

ඒ අනුව මේ තත්ත්වයත් සමගම දිනයේ සමස්ත වෙළෙඳ පොළ ප්‍රාග්ධනීකරණය රුපියල් ට්‍රිලියන 2.68ක අගයකට පත්ව ඇති අතර එය මේ වසරේ ජනවාරි 01 වැනිදා සිට අද දිනය දක්වා 5.93%ක අලාභයක් ලෙස සටහන්ව තිබේ.

මේ අතර, දිනයේ සමස්ත විදේශීය මිලදී ගැනීම්වල වටිනාකම රුපියල් මිලියන 81.83ක් ලෙස සටහන් විය. එසේම සමස්ත විදෙස් විකුණුම් රුපියල් මිලියන 95.05 ක අගයක් ගෙන තිබේ.

දිනයේ දළ විදේශ ආයෝජන පිටතට ගලායාම්හි වටිනාකම රුපියල් මිලියන 13.22කි. ඒ අනුව වසරේ ආරම්භයේ සිට මේ දක්වා සමස්ත විදේශ ආයෝජන පිටතට ගලායාම්හි වටිනාකම රුපියල් බිලියන 47.99ලෙස සටහන්ව තිබේ.

මෙහිදී මිලදී ගැනීම් යටතේ වැඩිම දායකත්වය හේමාස් හෝල්ඩිංග්ස් පීඑල්සී විසින් ලබා දී ඇති අතර, එම ආයෝජන ගලාඒම්හි වටිනාකම රුපියල් මිලියන 40.36කි. එසේම කොමර්ෂල් බැංකුව විකුණුම් යටතේ වැඩිම දායකත්වයක් ලබා දුන් අතර ඒ හරහා සිදුවූ ආයෝජන පිටතට ගලායාම්හි වටිනාකම රුපියල් මිලියන 18.8ක් ලෙස සටහන්ව ඇත.

මේ අතර දිනයේ සමස්ත පිරිවැටුමෙන් රුපියල් මිලියන 588ක් සඳහා නිෂ්පාදන අමුද්‍රව්‍ය අංශය දායකත්වය ලබා දී ඇති අතර, එය ප්‍රතිශතයක් ලෙස 30% ක අගයක් ගෙන තිබේ. ප්‍රාග්ධන භාණ්ඩ සහ ආහාර, පානවර්ග සහ දුම්කොළ අංශය දෙවැනි සහ තෙවැනි ස්ථාන බවට පත්වෙමින් පිළිවෙලින් රුපියල් මිලියන 399ක සහ රුපියල් මිලියන 256ක දායකත්වයක් දිනයේ පිරිවැටුම සඳහා ලබා දී ඇත.

Visits: 224