මැටි ඇමති මැදිහත් වූ මැටි ගුරුලේත්තු ඇනවුමෙන් කොටසක් MAS Intimates වෙත භාර දෙයි

මැටි යොදා නිපදවන වතුර පෙරන කට්ටල නිෂ්පාදනය සඳහා වේවැල්, පිත්තල, මැටි, ලී බඩු සහ ග්‍රාමීය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය සහ MAS Intimates (PVT) Ltd පෞද්ගලික ආයතනය අතර පසුගිය ඔත්තෝබර් මස 05 වන දින අත්සන් කල අවබෝධතා ගිවිසුමට අනුව එහි ප්‍රථම ඇණවුම පසුගිය සඳුදා (නොවැම්බර් 23) දින බියගම මැටි ගම්මානයේදී ලබා දීමට එම අමාත්‍යාංශය සමත්ව ඇතැයි පවසයි.

එම අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතාගේ මැදිහත්වීමෙන් මෙම MAS Intimates (PVT) Ltd පෞද්ගලික සමාගම සමගින් මෙම ගිවිසුමට අත්සන් තබා තිබේ.

ඒ අනුව ගිවිසුම අත්සන් කොට සති 06 ක් තුල රාජ්‍ය ආයතනයකින් ඇණවුම ලැබීම පිළිබදව තමා බෙහෙවින් සතුටු වන බව MAS Intimates (PVT) Ltd ආයතනයේ නිෂ්පාදන සහ මෙහෙයුම් අධ්‍යක්ෂක රුවන් කෑරගල මහතා පැවසූ බව එම අමාත්‍යාංශය පවසයි.

මෙහිදී අදාළ ව්‍යාපෘතිය මැටි ආශිත නිෂ්පාදන කරනු ලබන ගම්මාන 05 ක සාම්ප්‍රදායික මැටි නිෂ්පාදනකරුවන් වෙත ඍජුවම ලබා දීමට අමාත්‍යවරයා කටයුතු යොදා ඇත. ඒ අනුව බියගම, තිත්තවැල්ල,කරුවලගස් වැව සහ දන්කොටුව යන ගම්මාන වෙත මෙම ඇනවුම් ලබා දී ඇත.

මේ අතරින් බියගම මැටි කර්මාන්ත ගම්මානයේ කර්මාන්තකරුවන් නිෂ්පාදනය කළ එම ඇනවුමේ පළමු කොටස මෙලෙස MAS Intimates (PVT) Ltd ආයතනය වෙත ලබා දී තිබේ. මෙහිදී අදහස් දක්වා ඇති බියගම මැටි ගම්මානයේ කර්මාන්තකරුවන් තමන් හට වසර 20කින් මෙවැනි ඇණවුමක් ලැබී නොමැති බව පවසා ඇතැයිද අමාත්‍යාංශය පවසයි.

පෙර ලිපිය
MAS Intimates සේවකයන්ට අලුත් අවුරුද්දේදී මැටි ගුරුලේත්තුවක්

Visits: 169