මීළග මහ බැංකු මුදල් ප්‍රතිපත්ති විවරණය නොවැ. 26 බ්‍රහස්පතින්දා

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නොවැම්බර් මාසය සඳහා සිදුකරන මහ බැංකු මුදල් ප්‍රතිපත්ති විවරණය නොවැම්බර් 26 වැනි බ්‍රහස්පතින්දා පෙරවරු 7.30ට සිදු කරන බව මහ බැංකුව නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

රටෙහි ඉදිරි ආර්ථික ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් තීරණ ගැනීම ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය මගින් සිදුකරයි. ඒ අනුව මීළග මුදල් මණ්ඩල හමුව ලබන බදාදා දිනයේදී සිදු වෙයි.

මෙවරද ශ්‍රී ලංකා මහ බැංකුව සිය ලිහිල් මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය එලෙසින්ම පවත්වාගෙන යනු ඇතැයි බොහෝ දෙනාගේ විශ්වාසය වී තිබේ. ඒ හරහා කොවිඩ්-19 වසංගතයේ බලපෑමෙන් අර්බුදයට ලක්ව ඇති රටෙහි ආර්ථික කටයුතු වෙත තවදුරටත් දායකත්වය ලබා දීම අරමුණ වී තිබේ.

පසුගිය ඔක්තෝබර් 21 වැනිදා අවසන් වරට රැස්වුණු මහබැංකු මුදල් මණ්ඩලය විසින් මහ බැංකුවේ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය එතෙක් පැවැති 4.50% සහ 5.50% යන අගයන්ගෙන්ම පවත්වාගෙන යාමට තීරණය කෙරිණි.

Visits: 142