’21 Budget is out. What now?’ සජීවී අන්තර්ජාල සංවාදය සවස 6.30ට E&B Sri Lanka හරහාත්

පසුගියදා ඉදිරිපත් කෙරුණු 2021 අයවැය යෝජනා සම්බන්ධයෙන් ඇඩ්වොකාටා ආයතනය මගින් පවත්වන ’21 Budget is out. What now?’ සජීවී අන්තර්ජාල සංවාදය අද පස්වරු 6.30ට විකාශය කෙරෙන බව එම ආයතනය පවසයි. මෙම සාකච්ඡාව ඉංග්‍රීසි මාධ්‍යයෙන් පැවැත්වෙන්නකි.

ආචාර්ය සරත් රාජපතිරණ (සභාපති, අධ්‍යයන වැඩසටහන්, ඇඩ්වොකාටා ආයතනය) මහාචාර්ය කේ. අමිර්තලිංගම් (ආර්ථිකවිද්‍යාව මහාචාර්ය, කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථිකවිද්‍යා දෙපාර්තමේන්තුව) සහ ඩැනියෙල් අල්පොන්සුස් (මුදල් අමාත්‍යාංශයේ  හිටපු උපදේශක) මෙම සංවාදය සඳහා දායකත්වය ලබා දෙයි. අනීතා වරුසවිතාන (පර්යේෂණ කළමනාකරු, ඇඩ්වොකාටා ආයතනය) විසින් මෙම සංවාදය මෙහෙයවයි.

මෙම සජීවී අන්තර්ජාල සාකච්ඡාව අද පස්වරු 6.30 සිට ‘ඉකොනොමි ඇන්ඩ් බිස්නස් ශ්‍රී ලංකා’ ෆේස්බුක් පිටුව හරහාත් සජීවීව විකාශය කෙරේ.

Visits: 64