සණස ඩිවලොප්මන්ට් බැංකුවේ හිමිකම් නිකුතුවට අධි ඉල්ලුමක්

පසුගිය නොවැම්බර් 06 වැනිදා සිට 17 වැනිදා දක්වා ක්‍රියාත්මක වූ සණස ඩිවලොප්මන්ට් බෑන්ක් පීඑල්සීහි හිමිකම් නිකුතුව වෙත අධි ඉල්ලුමක්  හිමි වූ බව බැංකුව නිවේදනයකින් පවසයි. බැංකුවේ වෙබ් අඩවිය හරහා මෙම හිමිකම් නිකුතුව සිදු විය.

2020 ඔක්තෝබර් 26 වැනිදින කොටස් වෙළෙඳ පොළ ගනුදෙනු අවසානයේදී සණස ඩිවලොප්මන්ට් බෑන්ක් පීඑල්සීහි ලියාපදිංචි වී ඇති කොටස් හිමි සෑම කොටස්හිමියෙකුටම මෙම හිමිකම් නිකුතුවට දායක වීම සඳහා අවස්ථාව හිමි වූ බවත් බැංකුව සඳහන් කරයි.

එසේම එහිදී කොටස් හිමියන් සඳහා ඔවුන් හිමි හිමිකම් කොටස් සහ අතිරේක කොටස් සඳහා අයදුම් කිරීම සඳහා වන අවස්ථාවද ලබා දී තිබුණි.

ඒ අනුව පසුගිය නොවැම්බර් 17 වැනිදායින් අවසන් වූ හිමිකම් නිකුතුව පිළිබඳ තොරතුරු ඉදිරියේදී දැනුම් දෙන බවද සණස ඩිවලොප්මන්ට් බැංකුව වැඩිදුරටත් පවසයි.

Visits: 221