Uber Eats කොළඹ දිස්ත්‍රික්කය තුළ අත්‍යවශ්‍ය ද්‍රව්‍ය බෙදාහැරීම අරඹයි

Uber Eats සමාගම මේ වනවිට අත්‍යාවශ්‍ය භාණ්ඩ අලෙවි කරන ප්‍රමුඛ පෙළේ අලෙවිසැල් සමග එක්වී කොළඹ දිස්ත්‍රික්කය තුළ එම භාණ්ඩ බෙදාහැරීම ආරම්භ කර ඇති බව නිවේදනය කරයි. COVID-19 දෙවැනි රැල්ල හමුවේ විවිධ දුෂ්කරතා වලට මුහුණ දී සිටින ජනතාව වෙනුවෙන් මෙම සේවාව ආරම්භ කර තිබේ’

එදිනෙදා අවශ්‍ය කරන භාණ්ඩ ඇණවුම් කරන පුද්ගලයන්ට එම භාණ්ඩ එදිනම ගෙනැවිත් භාරදීම සඳහා, Uber Eats ඩිලිවරි සේවාවට සම්බන්ධ වී සිටින පුද්ගලයන්ට ඇඳිරිනීති බලපත්‍ර ලබාදී ඇති අතර ජනතාව නිවෙස් වලම රැඳී සිටින අතර සැපයුම් සේවාවන් අඛණ්ඩව ක්‍රියාත්මක කිරීම සඳහා Uber Eats සමාගම බලධාරීන් සමග සමීපව කටයුතු කරමින් සිටී’

මේ සම්බන්ධයෙන් අදහස් දක්වන Uber Eats Sri Lanka මෙරට ප්‍රධානී භාව්නා දද්ලානි මහත්මිය, “විවිධ සැපයුම්කරුවන් සමග එක්වී Uber Eats සේවාව හරහා අත්‍යාවශ්‍ය භාණ්ඩ බෙදාහැරීමට කටයුතු කිරීම, COVID-19 පැතිරීම පාලනය කිරීම සඳහා රජය ගන්නා උත්සාහයට ලැබෙන අත්වැලක් වනු ඇතැයි කියා අප  විශ්වාස කරනවා.. COVID-19 රෝගය රට තුළ ව්‍යාප්ත වීම පාලනය කිරීම සඳහා ත්‍රිවිධ හමුදා සහ සෞඛ්‍ය සේවාවේ සාමාජික සාමාජිකාවන් දරන උත්සාහය හා කැපකිරීම අප අගය කළ යුතුයි. ඒ වගේම, මේ දුෂ්කර කාලපරිඡේදය තුළ ජනතාවට සුරක්ෂිතව සිටීමට අවස්ථාව උදාකර දෙමින්, ඔවුන්ට අවශ්‍ය ද්‍රව්‍ය ඔවුන්ගේ නිවෙස් වලටම ගෙනගොස් භාරදීම සඳහා කැපවී කටයුතු කරන අපගේ ඩිලිවරි සේවා හවුල්කරුවන්ටත් අපගේ ප්‍රශංසාව හිමිවනවා” යනුවෙන් පවසයි.

 Uber Eats සමග අත්වැල් බැඳගෙන සිටින සමාගම් අතරට ෆොන්ටෙරා (ඇන්කර්&” ලංකා කෘෂි නිෂ්පාදන කළමනාකරණ සංස්ථාව, Celeste, Dropoff.lk, Groceries by Granada, Groceries by Governor, Happy Hen සහ Goodness Groceries වැනි සමාගම්, ආයතන හා අලෙවිසැල් රාශියක් එක්වී ඇත’

—Uber Eats වැනි සේවාවන් නිසා අපගේ පාරිභෝගිකයන්ට බාධාවකින් තොරව අපගේ නිෂ්පාදන මිලදීගැනීමට අවස්ථාව ලබාදීමට අපට හැකියාව ලැබී තිබෙනවා’ මේ දුෂ්කර කාලසීමාවේදී නවීන තාක්ෂණය ඔස්සේ අපගේ පාරිභෝගිකයන්ට වඩාත් හොඳින් සේවය සැලසීම සඳහා ඔවුන්ගෙන් ලැබෙන මේ සහයෝගය සැබැවින්ම අගය කළ යුතුයි.” ෆොන්ටෙරා බ්‍රෑන්ඩ්ස් ලංකා සමාගමේ සාමාන්‍යාධිකාරී (පාරිභෝගික හා ආහාර සේවා විකුණුම්) රොෂාන් ද සිල්වා මහතා පවසයි’

“සමාජ වගකීම සම්බන්ධ පොදු හැඟීමක් සමගින් ගොවීන් නිපදවන උසස් තත්ත්වයේ නිෂ්පාදන බාධාවකින් තොරව බෙදාහැරීමත්, මේ දුෂ්කර කාලසීමාවේදී ඔවුන්ගේ ආදායම් මාර්ග ආරක්ෂා කරදීමත් අරමුණු කරගෙන අප මේ ආකාරයට Uber Eats සමග අත්වැල් බැඳගැනීමට කටයුතු කළා. ” ලංකා කෘෂි නිෂ්පාදන කළමනාකරණ සංස්ථාවේ කළමනාකාර අධ්‍යක්ෂ කාවින්ද දිසානායක මහතා පැවසී ය’

ආරක්ෂාව සම්බන්ධයෙන් රජය නිර්දේශ කර ඇති මාර්ගෝපදේශ වලට අනුකූලව ජනතාවට සේවාවන් සැලසීම සඳහා Uber Eats කැපවී සිටී’ සෞඛ්‍ය අමාත්‍යංශයේ නියමයන්ට අනුකූල වන පෞද්ගලික ආරක්ෂක උපාංග අපගේ සියලුම ඩිලිවරි සේවා හවුල්කරුවන් වෙත ලබාදීමට අප පියවර ගෙන තිබේ.

එමෙන්ම මුහුණු ආවරණ පැළඳීම, නිතිපතා තම ශරීර උෂ්ණත්වය පරීක්ෂා කිරීම, දෑත් පවිත්‍ර කරගැනීම, තමන් භාවිතා කරන වාහනය විෂබීජහරණය කිරීම සහ සමාජ දුරස්ථභාවය පවත්වාගැනීම වැනි විධිවිධාන නිසි පරිදි අනුගමනය කිරීමටද ඔවුන්ට නිර්දේශ කර ඇත.

හුදෙකලා කර ඇති ප්‍රදේශ වලට සේවාවන් සැලසීමට නොහැකි වීමට ඉඩ තිබේ’ තම Uber Eats app තුළට පිවිසීම මගින් කෙනෙකුට තමන් සිටින ප්‍රදේශයට Uber Eats සේවාවන් සැපයීම සිදුවන්නේද යන්න දැනගත හැක.

Visits: 62