හේලීස් වැවිලි සමාගම Western High Grown තේ සඳහා වූ වෙන්දෙසියේදී ඉහළම ශ්‍රේණිගත කිරීම් 10 ක් හිමිකර ගනී

ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛ වතු සමාගමක් වන හේලීස් වතු සමාගමේ තේ වතු 2020 සැප්තැම්බර් මස පවත්වනු ලැබූ Western High Grownතේ සඳහා වූ වෙන්දේසියේදී ඉහළම දළ විකුණුම් සාමාන්‍යය (GSA) සඳහා වූ ඉහළම ස්ථාන 10 ම ලබා ගනිමින් පෙර නොවූ විරූ සන්ධිස්ථානයක් අත් කරගත් බව පවසයි.

තලවාකැලේ වතු සමාගමේ (TTEL) තේ වතු හයක්, කැළණිවැලි ප්ලාන්ටේෂන්ස් (KVPL) හි තේ වතු තුනක් සහ හොරණ ප්ලාන්ටේෂන්ස් (HPL) හි එක් තේ වත්තක් සැත්තැම්බර් මාසයේදී හොඳම වතු 10 බවට පත්වෙමින් වතු සමාගමක් ලෙස එම සමාගම ක්ෂේත‍්‍රයේ තවත් සන්ධිස්ථානයක් කරා ලඟා කර තිබේ.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වන හේලීස් වැවිලි සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ, ආචාර්ය රොෂාන් රාජදුරෙයි මහතා “හේලීස් වැවිලි සමාගම සෑමවිටම සිය නිෂ්පාදනයන්ගේ උසස් ගුණාත්මක බව පිළිබඳ සැලකිලිමත් වන අතර මෙය සිදු කරනු ලබන්නේ නිෂ්පාදනයේ සියලූම අංශ පුරා විශිෂ්ටත්වය ඇති කිරීම සඳහා වූ නොසැලෙන කැපවීම තුළිනි. මෙයට පාරිසරික කෘෂිකාර්මික සහ කර්මාන්තශාලා කළමනාකරණය යනාදියෙහි හොඳම භාවිතයන් පවත්වා ගෙන යාම සහතික කිරීම මෙන්ම අපගේ සේවකයින් සවිබල ගැන්වීම සඳහා වූ අසමසම කැපවීම ද ඇතුළත් වේ. එමඟින් ඔවුන් තම උපරිමය ලබා දීමට දැඩි උනන්දුවක් දක්වයි.” යනුවෙන් සඳහන් කරයි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වන ඒ මහතා “විශේෂයෙන්ම මෑත මාසවලදී, ක්ෂේත‍්‍රයේ නිපදවන විශිෂ්ට තේ වර්ග කිහිපයක් සමඟ දේශීය වශයෙන් දැඩි තරගකාරීත්වයක් අපට දක්නට ලැබුණා. එබැවින් අපගේ තේ වල ගුණාත්මකභාවය නිරන්තරයෙන් පිළිගැනීමට හා ජයග‍්‍රහණයට පාත‍්‍ර වීම ඇත්තෙන්ම ගෞරවයක්. අපට එය කළ හැකි වූයේ අන්තර්ජාතික වෙළෙඳපොළ සඳහා හොඳම තේ වර්ග කිහිපයක් නිර්මාණය කිරීමට කාර්ය මණ්ඩලයේ වූ කැපවීම නිසා,” යනුවෙන්ද පවසා සිටියි.

හේලීස් වැවිලි සමාගමට අයත් තේ වතු ජනවාරි සිට සැප්තැම්බර් දක්වා කාලය තුළ ඉහළම ශ්‍රේණිගත කිරීම් දහයෙන් නවයක්ම  හිමි කර ගැනීමට සමත් වී තිබීම කැපී පෙනේ. සමාගමට අයත් තවත් වතු සමාගම් පහක් ද ඊළඟ ස්ථාන 10 තුළ සිටින අතර වසර පුරාවටම හොඳම ශ්‍රේණිගත කිරීම් 20න් 15ක් ලබා ගනිමින් ශ්‍රේණිගත කිරීම් අතර ශක්තිමත්ව රැඳී සිටී.

සෑම මසකම ලංකා තේ වෙළෙඳුන්ගේ සංගමය (Ceylon Tea Traders Association) විසින් ශ්‍රේණිගත කරනු ලබන තේ වෙන්දේසියේදී වාර්තා කරන අලෙවි කාර්යසාධනය මගින් එක් එක් වතු යාය අපනයන වෙළෙඳපොළවල් සඳහා ලබා දෙන ගුණාත්මක නිෂ්පාදන පිළිබඳ වැදගත් අවබෝධයක් ලබා දෙයි. එමෙන්ම වෙන්දේසියේදී ඉහළම මිල ගණන් ලබා ගන්නා වතු සෑම මසකම ශ්‍රේණිගත කරන අතර සමුච්චිත සහ වාර්ෂික ශ්‍රේණිගත කිරීම් ද සෑම වසරකම අවසානයේදී සකසනු ලබයි.

2019 දී හේලීස් වැවිලි සමාගමට අයත් වතු සමාගම් ඉහළ ශ්‍රේණිගත කිරීම් 20හි ස්ථාන 11ක් ලබා ගත් අතර ඉහළ ස්ථාන 10න් 5ක්ම එයට ඇතුළත්ව තිබීම විශේෂත්වයකි. 2018 වසරේදී ද සමාගමේ වතු සමාගම් ඉහළ ස්ථාන 15න් 12කට හිමිකම් කියන ලදී. හේලීස් වැවිලි සමාගම හොඳම ගුණාත්මකභාවයෙන් යුතු සිලෝන් ටී නිෂ්පාදනය සඳහා කීර්තියක් උසුලන අතර සමාගම සතු වතු පසුගිය වසර කිහිපය පුරාවට ඉහළම ශ්‍රේණිගත කිරීම් 20 හි තම ආධිපත්‍ය පැතිරවීමට සමත් වී ඇත.

ඒ අතරින් තලවාකැලේ වතු සමාගමට අයත් Mattakelle වතුයාය පසුගිය වසර 11 තුළ වසර 9ක් Western High Grown ශ්‍රේණිගත කිරීම්වල අංක 1 ස්ථානයට පත් වී ඇත.

හේලීස් වැවිලි සමාගම කැළණි වැලි ප්ලාන්ටේෂන්ස් (KVPL), තලවකැලේ වතු සමාගම (TTEL) සහ හොරණ වතු සමාගම (HPL) යන සමාගම් තුනකින් සමන්විත වෙයි. මෙම සමාගම් තුනම පිළිවෙලින් ශ්‍රී ලංකාවේ ප‍්‍රාදේශීය වැවිලි සමාගම් අතර තේ සහ රබර් කර්මාන්තය සඳහා ඉතා ඉහළ පිළිගැනීමක් අඛණ්ඩව පවත්වා ගෙන යයි. ඒ අනුව, මෙම සමාගම් මගින් තේ සහ රබර් වතු 60ක් පමණ කළමනාකරණය කරන අතර හෙක්ටයාර 26,137ක භූමියක් පුරා ඒවා ව්‍යාප්තව පවතනිවා මෙන්ම ශ‍්‍රී ලංකාවේ වාර්ෂික තේ සහ රබර් නිෂ්පාදනය සඳහා පිළිවෙලින් 4.5% ක සහ 2.5% ක දායකත්වයක් ද මෙම සමාගම් ලබා දෙයි.

බලශක්ති කළමනාකරණ පද්ධතිය සඳහා ISO 50001: 2018, හරිතාගාර වායු (GHG) ලියාපදිංචි සහතිකය සඳහා ISO 14064:2018  සහ පරිසර කළමනාකරණ පද්ධති (EMS) සඳහා ISO 14001: 2015 යන සහතික ලබා ගත් ශ‍්‍රී ලංකාවේ පළමු වැවිලි සමාගම වන්නේ තලවකැලේ වතු සමාගමයි. එසේම රබර් සඳහා කාබනික සහතිකය (Organic Rubber Certification) ලබා ගත් පළමු සමාගම ලෙස KVPL සමාගම ද ප‍්‍රසිද්ධියක් උසුලයි.

Visits: 398