සොෆ්ට්ලොජික් සමූහයේ ‘සොෆ්ට්ලොජික් හයිපර් මාර්කට්’ ගල්කිස්සට

සොෆ්ට්ලොජික් සමූහ ව්‍යාපාරයට අයත් සොෆ්ට්ලොජික් ග්ලෝමාර්ක්, සොෆ්ට්ලොජික් මැක්ස් සහ ඔඩෙල් යන සිල්ලර භාණ්ඩ වෙළෙඳ සන්නාම තුන එකතු වී පළමුවරට ‘සොෆ්ට්ලොජික් හයිපර් මාර්කට්’ මාදිලියේ සුපිරි වෙළෙඳ සැල් අත්දැකීමක් ලබා දීමට කටයුතු යොදා ඇතැයි පවසයි. සොෆ්ට්ලොජික් සමූහයේ සභාපති අ‍ශෝක් පතිරගේ මහතා අතින් පසුගියදා මෙම සොෆ්ට්ලොජික් හයිපර් මාර්කට් විවෘත  විය.

අංක 282 ගාලුපාර, ගල්කිස්ස යන ස්ථානයේ මෙම නව දැවැන්ත සුපිරි වෙළෙඳ සැල පිහිටා තිබේ. වර්ග අඩි 25,105ක භූමියක් පුරා විසිරී ඇති මෙම සුපිරි වෙළෙඳ සැල් අත්දැකීම සිල්ලර භාණ්ඩ වෙළෙඳාමේ විප්වයක් බවද සොෆ්ට්ලොජික් සමාගම පවසයි. අත්විදීය සේවා අත්දැකීමක් සමගින් පාරිභෝගිකයන්ට සුවිශේෂී නිෂ්පාදන ලබාදීමේ සිය දැක්ම අනුව යමින් මෙම හයිපර් මාර්කට් සංකල්පය ඉදිරිපත් කළ බවද ඔවුන් පවසයි.

ඒ අනුව හොඳම ජාත්‍යන්තර සහ දේශීය සන්නාම රැසක්ම එකම වහලක් යටින් මිලදී ගැනීමේ හැකියාව සහිතව මෙම නවතම සොෆ්ට්ලොජික් හයිපර් මාර්කට් ගල්කිස්ස වෙත පැමිණ ඇති බවත්, එහි නිවැසියන් වෙත මෙන්ම ගාලු පාරේ ගමන් කරන ජනතාව වෙතත් ඉතාමත් පහසුවෙන්ම මේ වෙත පිවිසීමේ අවස්ථාව  පවතින බවත් සඳහන් වෙයි.

Visits: 159