අන්තර්ජාල සංඥා ඔස්සේ පිළිකා පැතිරීමේ අවදානමක්!

ශ්‍රි ලංකාවේ දැනට පවතින සියළුම අන්තර්ජාල පහසුකම් ලබා දෙන සමාගම් ලබා දෙන අන්තර්ජාල සේවා සංඥා පද්ධතිය ශරීරයට අහිතකර බව වෛද්‍ය පරීක්ෂණ වලින් හෙළිව ඇතැයි ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය පවසයි. මේ හේතුවෙන් රාත්‍රීයේ නින්දට යන අවස්තාවේදී අන්තර්ජාලය භාවිතා කිරීමෙන් වලකින ලෙසට අන්තර්ජාල පරිශීලකයන්ට නිර්දේශ කළ හැකි බවද ඔවුන් සඳහන් කරයි.

එම සංගමය පවසන ආකාරයට ශ්‍රී ලංකාවේදි අන්තර්ජාල සම්බන්ධතා සඳහා භාවිතා කරන්නේ ලෝකය 1980 දශකයේදී භාවිතා කළ ADSL / HSDPA සංඥා පද්ධතිය බවත්, මිනිස් ශරීරයට අහිතකර කිරණ නිකුත් කරන මෙම සංඥාවන්හි තාරතාවය ඉතා ඉහළය.

ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය නිකුත් කළ සම්පූර්ණ නිවේදනය මෙසේය,

ශ්‍රි ලංකාවේ දැනට පවතින සියළුම අන්තර්ජාල පහසුකම් ලබා දෙන සමාගම් ලබා දෙන අන්තර්ජාල සේවා සංඥා පද්ධතිය ශරීරයට අහිතකර බව වෛද්‍ය පරීක්ෂණ වලින් හෙළිව තිබේ.

ඇමෙරිකා එක්සත් ජනපදය, යුරෝපා සංගමය මෙන්ම කැනඩාව, ස්වීඩනය වැනි රටවල් අන්තර්ජාල සේවා සඳහා භාවිතා කරන්නේ දියුණු   LAN WCDA සංඥා පද්ධතියයි.

කෙසේ වෙතත් ශ්‍රී ලංකාවේදි අන්තර්ජාල සම්බන්ධතා සඳහා භාවිතා කරන්නේ ලෝකය 1980 දශකයේදී භාවිතා කළ ADSL / HSDPA සංඥා පද්ධතියයි.

මිනිස් ශරීරයට අහිතකර කිරණ නිකුත් කරන මෙම සංඥාවන්හි තාරතාවය ඉතා ඉහළය. එය මිනිස් සිරුරට ඉතා අහිතකර නිසා 2004 වසරේදි ලෝකයේ දියුණු රටවල භාවිතයෙන් ඉවත් කළේය.

කෙසේවෙතත් LAN WCDA සංඥා පද්ධතිය භාවිතා කිරීම තරමක මිල අධික කටයුත්තක් නිසා මෙරට අන්තර්ජාල සේවා සපයන්නන් සියලූම දෙනා ලාභදායි ADSL / HSDPA සංඥා පද්ධතිය භාවිතා කරමින් සිටීම ඉතා භයානක කටයුත්තකි.

මෙම අන්තර්ජාල සංඥා කුඩා දරුවන්ට ඉතා අහිතකර වන අතර වැඩිහිටියන්ට පිළිකා ඇති කරවීමටද හේතු වේ. තවද පිරිමින්ගේ මද සරුබවටද මෙම සංඥා හේතු වේ. 1998 වසරේදී ඔක්ස්ෆර්ඩ් සරසවියේදි කළ පරීක්ෂණයකින් හෙළි වුයේ මද සරුභාවයෙන් පෙලුනු පිරිමින්ගෙන් විස්සකින් එකකට පමණ එම රෝගයට හේතු වූයේ මෙම ADSL / HSDPA අන්තර්ජාල සංඥා බවය. මේ පිළිබඳ මෙරට රජය සහ තොරතුරු තාක්ෂණ අමාත්‍යංශය වහාම සිය අවදානය යොමු කළ යුතු බව පෙන්වා දෙමු.

මේ හේතුවෙන් රාත්‍රීයේ නින්දට යන අවස්තාවේදී අන්තර්ජාලය භාවිතා කිරීමෙන් වලකින ලෙසට අන්තර්ජාල පරිශීලකයන්ට නිර්දේශ කළ හැකි බවද ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය වැඩිදුරටත් පවසයි.

Visits: 192