ඇමති නාමල් SME ක්ෂේත්‍රයට විශේෂ බැංකු පහසුකම් ලබා දීමේ හැකියාව සොයා බලයි

රටෙහි කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් යළි පණගැන්වීම ඉලක්ක කරගත් විශේෂ බැංකු පහසුකම් ලබා දීමේ ක්‍රියාවලියක් ආරම්භ කිරීම සඳහා රජයට පවතින හැකියාව පිළිබඳව සොයා බැලීම සඳහා කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය (SED) නිලධාරී සහ බැංකු ප්‍රධානීන් සමගින් සාකච්ඡාවක් පැවැත් වූ බව තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසයි.

මෙම සාකච්ඡාව සඳහා මුදල්, ප්‍රාග්ධන වෙළෙඳ පොළ සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතාද සහභාගි වී තිබේ.

ඒ අනුව මෙලෙස කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට ණය ලබා දීම සහ ඔවුන් කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය තුළ ලියාපදිංචි කිරීමේ ක්‍රියාවලිය පිළිබඳවද මෙහිදී සාකච්ඡා කෙරුණු බව සඳහන් වෙයි. විශේෂයෙන්ම රටෙහි ආර්ථික පුනර්ජීවනය කළ යුතු බවත්, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් එහි අත්‍යවශ්‍ය කොටස්කරුවන් බවත්  ඇමති නාමල් රාජපක්ෂ මහතා  පවසා සිටියි.

Visits: 100