ණය සහනය තවත් මාස 6කින් දිග් කිරීමට මහ බැංකුවෙන් බැංකු වෙත නියෝග

කොවිඩ්-19 ව්‍යසනයේ දෙවන ව්‍යාප්තිය නිසා ව්‍යපාර හා පුද්ගලයින් මුහුණ පා ඇති ගැටලු සලකා බලමින්, බලපත්‍රලාභී බැංකු විසින් කොවිඩ්-19 ව්‍යසනය මගින් බලපෑමට ලක්වී ඇති පුද්ගලයන් හා ව්‍යාපාර වෙත ලබා දී ඇති ණය සහන යෝජනා ක්‍රමය 2020 ඔක්තෝබර් 01 දින සිට තවත් මාස හයකට දීර්ඝ කරන ලෙසට ශ්‍රී ලංකා මහ බැංකුව විසින් බලපත්‍ර ලාභී බැංකු වෙත නියෝග කර සිටින බව පවසයි.

ඒ අනුව සුදුසුකම් ලබන ගනුදෙනුකරුවන් විසින් ණය සහන කාලය දීර්ඝ කර ගැනීම සඳහා වන ඉල්ලීම් 2020 නොවැම්බර් 30 වන දිනට හෝ ඊට පෙර ඉදිරිපත් කළ යුතුව ඇත. එහිදී මෙම යෝජනා ක්‍රමයේ ප්‍රධාන අංගයන් කිහිපයක්ද මහ බැංකුව මගින් ප්‍රකාශ කර ඇත. එම කරුණු මෙසේය.

Visits: 401