Uber Eats හරහා ඇණවුම් කරන ණයපත් හිමියන්ට HNB වෙතින් ආපසු මුදල්

HNB ණයපත් හිමියන් විසින් Uber Eats ඔස්සේ සිදු කරන සෑම ඇණවුමක් සඳහා රුපියල් දෙසීයක ආකර්ෂණීය මුදලක් ආපසු ලබා දීමේ සුවිශේෂී ප‍්‍රවර්ධන වැඩසටහනක් හඳුන්වාදීමට හැටන් නැෂනල් බැංකුව පියවර ගෙන ඇතැයි පවසයි.

ඒ අනුව HNB ණයපත් හිමියන්ට Uber Eats යෙදවුම හරහා 2020 ඔක්තෝම්බර් 15 සිට 2021 ජනවාරි 15 දක්වා කාලය තුළ ක‍්‍රියාත්මක වන මෙම ප‍්‍රවර්ධනය භාවිතා කළ හැකිය. කොවිඞ්-19 වසංගතය හේතුවෙන් ඇති වන බාධාවලින් මුදවා ගෙන කාඩ්පත් හිමියන්ට උපකාර කිරීම සඳහා බැංකුව ක‍්‍රියාත්මක කළ තවත් වැඩසටහනක් ලෙස මෙම ප‍්‍රවර්ධනය පෙන්වා දිය හැකි බවත් බැංකුව පවසයි..

මේ සම්බන්ධයෙන් අදහස් දක්වන HNB කාඩ්පත් අංශ ප‍්‍රධානී ගෞතමී නිරංජන් මහත්මිය, ”අපගේ ගනුදෙනුකරුවන්ට ඔවුන්ගේ නිවෙස්වල සුවපහසුව හිඳින අතරතුර ඔවුන්ගේ අවශ්‍යතා සපුරාලිය හැකි උපරිම ප‍්‍රතිලාභ ලබා දීමට HNB කැපවී සිටිනවා. කොවිඩ්-19 වසංගතය නිසා බෙදා හැරීමේ මාර්ගවලට බාධා ඇති වුවද, Uber Eats වැනි බෙදාහැරීමේ හවුල්කරුවන් විසින් ජීවිතය හැකි තරම් සාමාන්‍යය තත්වයෙන් පවත්වා ගෙන යා හැකි බව සහතික කර තිබෙනවා,” යනුවෙන් පවසා සිටියි.

මෙම ප‍්‍රවර්ධනය භාවිතා කරමින් HNB ණයපත් හිමියන්ට ප‍්‍රවර්ධන කාලය තුළ උපරිම රුපියල් 3000/-ක් දක්වා මුදලක් ආපසු ලබා ගැනීමේ හැකියාව ඇත. ඒ අනුව අවමය රුපියල් 1000/- ක් වන ඇණවුමක් සඳහා රුපියල් 200ක මුදලක් ආපසු ලබා ගැනීමට හැකි අතර, එසේ පාරිභෝගිකයෙකුට ලබා ගත හැක්කේ මසකට උපරිම ගනුදෙනු පහක් පමණි. මෙම මුදල HNB විසින් සෑම මසකම අවසානයේ දී කාඩ්පත් හිමියන්ගේ ගිණුමට මුදල් බැර කරනු ඇත.

Uber Eats බෙදා හැරීමේ සේවාව මඟින් එය භාවිතා කරන්නන්ට පුළුල් පරාසයක අවන්හල් සහ අත්‍යවශ්‍ය භාණ්ඩ වෙළඳසැල් පිළිබඳව විස්තර ලබා දෙන අතර, ආහාර සහ අනෙකුත් සිල්ලර බඩු ආදිය ඇණවුම් කර ඒවා ඔවුන්ගේ නිවසටම ගෙන්වා ගත හැකිය.

Facebook, Twitter හෝ Instagram හරහා HNB බැංකුව සමඟ සම්බන්ධ වීමෙන් හෝ www.hnb.net වෙත පිවිසීමෙන් වැඩි විස්තර හා සහාය සඳහා ලබා ගත හැකිය. එසේ නැතහොත් 0112-462462 ඔස්සේ HNB ඇමතීමෙන්ද වැඩිදුර විස්තර ලබා ගත  හැකිය.

Visits: 48