සොෆ්ට්ලොජික් හෝල්ඩිංග්ස් දෙවැනි පුවරුවට

කොළඹ කොටස් හුවමාරුවේ ප්‍රධාන පුවරුවේ ලැයිස්තුගත කර තිබූ සොෆ්ට්ලොජික් හෝල්ඩිංග්ස් පීඑල්සී සමාගම එහි දෙවැනි පුවරුව වෙත හුවමාරු කර ඇතැයි කොළඹ කොටස් වෙළෙඳ පොළ සඳහන් කරයි.

2020 නොවැම්බර් 09 වැනිදා සිට මෙම හුවමාරුව සිදු කර තිබේ. කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත සමාගමක් ලෙස එහි රෙගුලාසි අංක 7.13.1 යටතේ පවත්වා ගත යුතු අවම මහජන කොටස් හිමිකාරීත්වයට අදාළ රෙගුලාසිය වෙත අනුකූලවීමට සමාගම දැක්වූ අපොහොසත් වීම මෙම තීරණයට හේතු වී තිබේ.

අද පස්වරු 12.14 වන විට සොෆ්ට්ලොජික් හෝල්ඩිංග්ස් කොටසක වටිනාකම රුපියල් 10.70ක් විය. එය පෙර දිනයට සාපේක්ෂව කොටස් වටිනාකම 0.94% ක වර්ධනයකි. ඒ අනුව මෙම කාලසීමාව තුළදී කොටස් 114,879ක ප්‍රමාණයක් ගනුදෙනු වී ඇති අතර එහි පිරිවැටුම රුපියල් 1,228,228.20 ක් විය.

Visits: 361