නන්දන වික්‍රමගේ ප්‍රයිම් ෆිනෑන්ස් පීඑල්සී අධ්‍යක්ෂ මණ්ඩලයෙන් ඉවත් වෙයි

ප්‍රයිම් සමූහය යටතේ පවතින ප්‍රයිම් ෆිනෑන්ස් පීඑල්සී සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු ලෙස කටයුතු කළ නන්දන අරුණසිරි වික්‍රමගේ මහතා එම ධුරයෙන් ඉවත්ව ඇතැයි එම සමාගම පවසයි. ඒ මහතා ස්වාධීන නොවන විධායක නොවන අධ්‍යක්ෂවරයෙකු ලෙස සමාගමේ කටයුතු කර තිබේ.

ඒ අනුව 2020 නොවැම්බර් 05 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි මෙම ඉවත්වීම සිදුව ඇත. එම අවස්ථාව වන විට නන්දන වික්‍රමගේ මහතා සතුව ප්‍රයිම් ෆිනෑන්ස් සමාගමේ කොටස් 20,000ක  හිමිකමක් පැවැති බවත් සමාගම සඳහන් කරයි.

2017 පෙබරවාරි මාසයේ 07 වැනිදා නන්දන වික්‍රමගේ මහතා මෙලෙස ප්‍රයිම් ෆිනෑන්ස් සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලය හා සම්බන්ධවී ඇත. ඒ වනවිටත් ඒ මහතා මන්චී බිස්කට් සන්නාමය අයත් සීබීඑල් සමූහයේ (සීබීඑල් ඉන්වෙස්ට්මන්ට්ස් පෞද් සමාගම) අධ්‍යක්ෂවරයා ලෙසින්ද කටයුතු කර තිබුණි. එසේම ඒ මහතා ප්‍රයිම් සමූහයේ (ප්‍රයිම් ලෑන්ඩ් පෞද්ගලික සමාගම සහ ප්‍රයිම් රෙසිඩෙන්සීස් පෞද් සමාගම) විධායක නොවන අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු ලෙසද කටයුතු කර ඇත.

Visits: 249