TRI-ZEN හි පිහිණුම් තටාකය පිහිටි මහලේ කොන්ක්‍රීට් අතුරයි

ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් පීඑල්සී සමූහ ව්‍යාපාරයට අයත් ජෝන් කීල්ස් ප්‍රොපර්ටීස් සමාගම මගින් යුනියන් පෙදෙසේ ඉදිකරමින් පවතින TRI-ZEN සුඛෝපභෝගී මහල් නිවාස සංකීර්ණයේ පිහිණුම් තටායක පිහිටි මහලේ කොන්ක්‍රීට් ඇතිරීම පසුගියදා සිදු වුණු බව එම සමාගම පවසයි.

කුලුණු තුනක් ලෙස ඉදි කෙරෙන මෙම TRI-ZEN සුඛෝපභෝගී මහල් නිවාස ව්‍යාපෘතියේ පිහිටි සමස්ත නිවාස සංඛ්‍යාව 891 කි. ඒ අතරින් පළමු කුළුණේ මහල් 40ක් පුරා නිවාස ඒකක 237ක් පිහිටා තිබේ. එම නිවාස වර්ග අඩි 716 සිට 1020 දක්වා විශාලත්වයෙන් යුත්ක වෙයි. එහි ඉහළ මහළ මත තාරකා නැරඹීමේ, සාගරය නැරඹීමේ වේදිකා අවකාශ පවතී.

දෙවැනි කුලුණ මහල් 42කින් සමන්විත වන අතර එහි පිහිටි නිවාස ඒකක සංඛ්‍යාව 417 කි. එහිදී නිවාසයක් වර්ග අඩි 471ත් 751ත් අතර විශාලත්වයකින්  යුක්තය. එහි ඉහළ මත බහුකාර්ය කාමර පිහිටා ඇති අතර, එහිද තාරකා නැරඹීමේ සහ සාගරය නැරඹීමේ වේදිකා අවකාශ පවතී.

මහල් 40කින් සමන්විත තෙවැනි කුලුණේ පිහිටි නිවාස ඒකක සංඛ්‍යාව 237 කි. එම නිවාස වර්ග අඩි 720ත් 1041ත් අතර විශාලත්වයකින් යුක්ත වෙයි. එහි ඉහළම මහලේ කායවර්ධන මධ්‍යස්ථානයක් සහ බැඩ්මින්ටන් පිටියක්ද පිහිටුවා ඇත.

මෙම ගොඩනැගිල්ලේ එම කුළුණුවල පළමු මහල පිහිටි ස්ථානයේ මෙම පිහිණුම් තටාක පිහිටා තිබේ. TRI-ZEN හි සැලසුමට අනුව එහි මෙවැනි පිහිණුම් තටාක දෙකක් සැලසුම් කර ඇත.

Visits: 228