ආනයනික මත්ස්‍ය ආශ්‍රිත නිශ්පාදනවල බදු ඉහළ දැමේ

දේශීය ටින්මාළු, කරවල හා උම්බලකඩ නිශ්පාදකයින්ට සහන ලබා දීම සදහා ආනයනය කරන මාළු සහ මාළු ආශ්‍රිත නිශ්පාදනයන්ගේ බදු මිළ ඉහළ දමා ඇතැයි මුදල් අමාත්‍යාංශය පවසයි. ධීවර ඇමති ඩග්ලස් දේවානන්දා මහතාගේ ඉල්ලීමකට අනුව අමාත්‍යාංශය මගින් මෙම තීරණය ගෙන තිබෙන බව සඳහන් වෙයි.

ඒ  අනුව කටු ගැලවු මසුන් හා අනෙකුත් මසුන්ගේ අළුත් හෝ ශිත කළ මස් වල ආනයනික බද්ධ 10%කින් හෝ කිලෝ ක්‍රමයට රුපියල් 200ක යන දෙකෙන් වැඩි බදු ප්‍රමාණයද, කටු ගැලවු මසුන් හා අනෙකුත් මසුන්ගේ මස් හැර හිමායිත මසුන් (රේගු සං.ව. 030354 මැකරල් මසුන් හා රේගු සං.අ. 030355යටතට වැටෙන ජැක් සහා රෝස් මැකරල්) යන ආදි වූ බද්ධයෙන්  10%කින් හෝ කිලෝ ක්‍රමයට රුපියල් 200ක යන දෙකෙන් වැඩි බදු ප්‍රමාණයදයක්ද අයකරනු ලැබේ.

එසේම හාල්මැස්සන් කිලෝග්‍රෑමයක් සදහා රුපියලක බදු මුදලක්ද, කරවල සදහා කිලෝග්‍රෑමයකට රු 127ක බදු මුදලක්ද උම්බලකඩ සහ ඒ සදහා ආදේශකයන්ට කිලෝ ක්‍රමයට රුපියල් 302 බැගින්ද බදු මිල වැඩි කර ඇතැයි සඳහන් වෙයි.

මේ අනුව රජය දේශීය ටින්මාළුකරුවන්ට (ආයතන 06ක් සදහා) විශේෂ පහසුකම් සපයන අතර එක කර්මාන්තශාලාවකින් දිනකට මාළු ටින් ලක්ෂ 02කට ආසන්න ප්‍රමාණයක් නිශ්පාදනය කරනු ඇති බවත් ධීවර අමාත්‍යාංශය පවසා සිටියි.

එසේම කරවල සදහා කරවල නිෂ්පාදකයන්ගේ සමුපකාර සංගම්වලට ධීවර සංස්ථාව හරහා මිළදී ගන්නා වු මාළු සහන මිලට සහ සතියක ණය කාලසීමාවක් යටතේ ලබා දීමට කටයුතු කිරීමටද පියවර ගෙන ඇත.

මීට අමතරව උම්බලකඩ නිශ්පාදකයන්ටද විශාල සහන රැසක්ද ලැබෙනු ඇති බව ධීවර අමාත්‍යාංශය සඳහන් කරයි.

විශේෂයෙන්ම වත්මන් රජය බලයට පත් වු විගසම දේශීය ටින්මාළු, කරවල හා උම්බලකඩ නිශ්පාදනය වර්ධනය කිරීම සදහා බදු ඉවත් කළ බවත්, ඉදිරි අයවැයෙන් තවදුරටත් වෙනත් සහන ලබා දෙන බවත් ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා වැඩිදුරටත් සඳහන් කරයි.

Visits: 86