භාණ්ඩ ආනයනයට හා අපනයනයට කටාර්හි ශ්‍රී ලාංකිකයන් සංගමයක් පිහිටුවා ගනී

ශ්‍රී ලංකාව හා කටාර් රාජ්‍ය අතර අපයන හා ආනයන කටයුතු විවිධාංගීකරණය හා සංවර්ධනය සඳහා කටාර්හි දෝහා නුවර සිටින ශ්‍රී ලාංකික  ව්‍යවසායකයින් විසින් සංගමයක් පිහිටුවා ගෙන ඇතැයි පවසයි.

එම සංගමය දැනටමත් කටාර් හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ ලියාපදිංචි කිරිමටද පියවර ගෙන ඇතැයිද විදේශ අමාත්‍යාංශය සඳහන් කරයි.

කටාර් හි සිට ගුණාත්මක භාවයෙන් යුතු භාණ්ඩ ආනයනය කිරීමටත්, ශ්‍රී ලංකාවෙන් ගුණාත්මක භාණ්ඩ අපනයනය කිරීමටත්, ඒ කටයුතු දැනට පවතින තත්ත්වයට වඩා උසස් මට්ටමින් පවත්වා ගැනීමටත් මෙමඟින් අපේක්ෂා කෙරේ.

විශේෂයෙන්ම කටාර් රාජ්‍යයේ සිට භාණ්ඩ ආනයනය කරන හා ශ්‍රී ලංකාවේ සිට කටාර්වලට භාණ්ඩ අපනයනය කරන ව්‍යාපාරිකයින් මුහුණ දෙන ගැටළුවලට දෙරටේ බලධාරින් සමඟ සාකච්ඡා කර විසඳුම් ලබා ගැනීමටද මෙම සංගමය හරහා අපේක්ෂා කෙරේ.

මෙම නව සංගමයේ සභාපති ලෙස ප්‍රින්ස් ස්ටෙෆන් මහතා පත්ව ඇති අතර, ලේකම් ලෙස අනෝජා ජීවනී මහත්මිය පත්ව ඇත. කටාර් වෙළඳපොළට අපනයනය කළ හැකි භාණ්ඩ පිළිබඳව මෙරට අපනයනයකරුවන් දැනුවත් කීරීමටද මෙම සංගමය ඉදිරියේදී බලාපොරොත්වෙන් සිටින බවත් පවසයි.

Visits: 57