ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයෙන් කොවිඩ් අරමුදලට රුපියල් මිලියන 15ක්

ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ සේවකයෝ සිය දිනක වැටුප එක්කොට රුපියල් මිලියන 15ක මුදලක්, ඉටුකම කොවිඩ්-19 අරමුදල සඳහා පසුගියදා අරලියගහ මන්දිරයේදී අගමැති මහින්ද රාජපක්ෂ මහතා වෙත භාර දුන් බව පවසයි.

ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ සියලුම කාර්යය මණ්ඩලය හා කළමනාකාරීත්වය නියෝජනය කරමින් ඊට අදාළ චෙක්පත ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ සභාපති නිශාන්ත රණතුංග මහතා විසින් අගමැතිවරයා වෙත පිළිගැන්වී ඇත.

මෙහිදි ඉටුකම කොවිඩ්-19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදල වෙනුවෙන් ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ සේවකයින් 7500 ක් දායකත්වය දක්වා තිබේ.

මෙම අවස්ථාව සඳහා ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ සභාපති නිශාන්ත රණතුංග, සාමාන්‍යාධිකාරී තිළිණ විජේතුංග, හිටපු සාමාන්‍යාධිකාරී ආර්.එ‍ච්.රුවිනස්, අතිරේක සාමාන්‍යාධිකාරී (මානව සම්පත් කළමනාකරණ) ජී.කේ.ඉද්දමල්ගොඩ මහත්වරු එක්ව තිබේ.

Visits: 19