බැංකු නොවන මූල්‍ය සමාගම්වල අනාගතය මෙන්න

මෙරට තුළ ක්‍රියාත්මක බැංකු නොවන මූල්‍ය සමාගම් තවදුරටත් සිය මෙහෙයුම් පවත්වාගෙන යාමට නම් තමන් සතු මූලික ප්‍රාග්ධන අවශ්‍යතාවන් සැපිරීම අනිවාර්යය බව මහ බැංකුව දැනුම්දී තිබේ.

ඒ අනුව එහි පළමු අදියර ලෙස ලෙස 2020 දෙසැම්බර් 31 වැනිදා වනවිට එම සමාගම් රුපියල් බිලියන 2ක ප්‍රාග්ධනයක් සපුරාගත යුතු අතර, එම සමාගම් වෙත එවැන්නක් සිදු කරගත නොහැකි වුවහොත් 2021 දෙසැම්බර් 31 වැනිදා වන විට එය රුපියල් බිලියන 2.5ක් විය යුතුය.

මෙලෙස මහ බැංකුව පවසන එම අවශ්‍යතාව සපුරා ගැනීම සඳහා මෙම බැංකු නොවන මූල්‍ය සමාගම් ක්‍රියා කළ හැකි අකාරය සම්බන්ධයෙන් විස්තරයක් ඉදිරිපත් කරන්නට ෆර්ස්ට් කැපිටල් රිසර්ච් සමාගම නිකුත් කළ ‘All Doom & Gloom for NBFIs’ හරහා කටයුතු යොදා තිබේ. මෙකී සමාගම් එකී ප්‍රාග්ධන අවශ්‍යතාව කෙසේ සපුරා ගනු ඇත්දැයි එහි සටහන්ව ඇත.

එහි ඇතුළත්ව ඇති ආකාරයට මෙම බැංකු නොවන මූල්‍ය සමාගම් අතරින් එල්ඕඑල්සී ඩිවලොප්මන්ට් ෆිනෑන්ස් සතුව ඇත්තේ රුපියල් බිලියන 0.2ක ප්‍රාග්ධන අවශ්‍යතාවකි. එය සපුරා ගැනීම සඳහා එම සමාගම සිය මව් සමාගම වන එල්ඕඑල්සී හෝල්ඩිංග්ස් පීඑල්සී මගින් ප්‍රාග්ධනය ලබා ගැනීමේ අවස්ථාවක් පවතී. ඒ සඳහා හිමිකම් නිකුත්වක් සිදු කිරීමේ අවස්ථාව ඇත.

රුපියල් බිලියන 0.3 අවශ්‍යතාවක් පවතින ඔරියන්ට් ෆිනෑන්ස් පීඑල්සී සමාගමේ මව් සමාගම වන්නේ ජනශක්ති පීඑල්සී සමාගමයි. ඒ අනුව ඔවුන් මව් සමාගමෙන් අදාළ ප්‍රාග්ධනය සපුරා ගනු ඇති බවත්, ඒ සඳහා බොහෝදුරට හිමිකම් නිකුත්වක් සිදු කරනු ඇති බවත් පැවසෙයි.

ඒෂියා ඇසෙට් ෆිනෑන්ස් පීඑල්සී සමාගමට රුපියල් බිලියන 0.4ක ප්‍රාග්ධන අවශ්‍යතාවක් පවතී. එහි මව් සමාගම වන මුතූට් ෆිනෑන්ස් ලිමිටඩ් හරහා එම ප්‍රාග්ධනය සපුරා ගනු ඇති බවත්, ඒ සඳහා බොහෝ දුරට හිමිකම් නිකුත්වක් සිදු කිරීමේ අවස්ථාවක් පවතී.

සිංහපුත්‍ර ෆිනෑන්ස් සමාගමට රුපියල් බිලියන 0.9 ක ප්‍රාග්ධන අවශ්‍යතාවක් පවතී. එහි මව් සමාගමක් නොමැති අතර, එය අදාළ ප්‍රාග්ධන අවශ්‍යතාව ක්‍රමෝපායික ආයෝජකයෙකු හරහා සිදු කරගත යුතුය. ඒ සඳහා තවත් සමාගමක් සමගින් එක්වීම සිදු වන බවත් දැනටමත් එය සිංහ ෆිනෑන්ස් සමගින් එකතු වී සිටියි.

කොමර්ෂල් ක්‍රෙඩිට් ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී සමාගම මව් සමාගම වන ට්‍රේඩ් ෆිනෑන්ස් ඇන්ඩ් ඉන්වෙස්ට්මන්ට්ස් පීඑල්සී සමාගමේ ප්‍රාග්ධන අවශ්‍යතාව රුපියල් බිලියන 0.9ක් වන අතර ඒ සඳහා දැනටමත් සමාගම් දෙක අතර ඒකාබද්ධවීමක් ප්‍රකාශ කෙරී ඇත.

ප්‍රයිම් ෆිනෑන්ස් පීඑල්සී සමාගමේ ප්‍රාග්ධන අවශ්‍යතාව රුපියල් බිලියන 1 කි. එහි මව් සමාගම වන ප්‍රයිම් ලෑන්ඩ්ස් (පෞද්) සමාගම මගින් ප්‍රාග්ධනය සැපයීමක් සිදු විය හැකි අතර, එහිදි බොහෝ දුරට හිමිකම් නිකුතුවක් හරහා එය සිදු වනු ඇතැයි පැවසෙයි.

අබාන්ස් ෆිනෑන්ස් පීඑල්සී සමාගමේ ප්‍රාග්ධන අවශ්‍යතාව රුපියල් බිලියන 1.1 කි. එහි මව් සමාගම වන්නේ අබාන්ස් පීඑල්සී සමාගමයි. එය දැනටමත් මෙම අවශ්‍යතාව සැපිරීම සඳහා දැනටමත් සොෆ්ට්ලොජික් ෆිනෑන්ස් හා ඒකාබද්ධවීමක් ප්‍රකාශ කර ඇත.

පීපල්ස් මර්චන්ට් ෆිනෑන්ස් පීඑල්සී සමාගමේ ප්‍රාග්ධන අවශ්‍යතාව රුපියල් බිලියන 1.1 කි. එහි මව් සමාගම වන්නේ ස්ටර්ලින් කැපිටල් ඉන්වෙස්ට්මන්ට්ස් සමාගමයි. දැනටමත් එම සමාගම වෙත ක්‍රමෝපායික ආයෝජකයෙකුගේ අවශ්‍යතාව පවතින අතර බොහෝ දුරට සමාගම් ඒකාබද්ධවීමක් හරහා මෙම අවශ්‍යතාව සපුරා ගනු ඇතැයි පැවසෙයි.

ඇසෝසියේටඩ් මෝටර් ෆිනෑන්ස් කම්පැනි පීඑල්සී සමාගම සතු ප්‍රාග්ධන අවශ්‍යතාව රුපියල් බිලියන 1.4 කි. එම සමාගමටද ඒ සඳහා ක්‍රමෝපායික ආයෝජකයෙකු අවශ්‍යව ඇති අතර, දැනටමත් ආර්පිකෝ ෆිනෑන්ස් පීඑල්සී සමාගම හා ඒකාබද්ධවීමක් නිවේදනය කර තිබේ.

ආර්පිකෝ ෆිනෑන්ස් කම්පැනි පීඑල්සී සතු ප්‍රාග්ධන අවශ්‍යතාව රුපියල් බිලියන 1.5කි. ඇසෝසියේටඩ් මෝටර් ෆිනෑන්ස් කම්පැනි පීඑල්සී හා සිදුකරන ඒකාබද්ධවීමෙන් එම අවශ්‍යතාව සැපිරීම නිවේදනය කර තිබේ.

මර්චන්ට් බෑන්ක් ඔෆ් ශ්‍රී ලංකා ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී සමාගමේ ප්‍රාග්ධන අවශ්‍යතාව රුපියල් බිලියන 1.7කි. එහි මව් සමාගම වන ලංකා බැංකුව මගින් මෙම ප්‍රාග්ධනය යොදවනු ඇති බවත්, එහිදී හිමිකම් නිකුත්වක් හරහා එය සපුරාගනු ඇති බවත් පැවසෙයි.

නේෂන් ලංකා ෆිනෑන්ස් පීඑල්සී සමාගම සතු ප්‍රාග්ධන අවශ්‍යතාව රුපියල් බිලියන 1.7කි. එයටද ක්‍රමෝපායික ආයෝජකයෙකු අවශ්‍යතාව පවතින අතර, බොහෝ විට තවත් සමාගමක් හා ඒකාබද්ධවීමේ අවස්ථාවක් පවතී.

සොෆ්ට්ලොජික් ෆිනෑන්ස් පීඑල්සී සතු ප්‍රාග්ධන අවශ්‍යතාව රුපියල් බිලියන 1.8 කි. එහි මව් සමාගම වන්නේ සොෆ්ට්ලොජික් හෝල්ඩිංග්ස් පීඑල්සී සමාගමයි. ඒ හරහා ප්‍රාග්ධන යෙදවීමක් සිදු කිරීමටත්, හිමිකම් නිකුත්වක්  හරහා එම මුදල් රැස් කරගැනීමටත් දැනටමත් නිවේදනය කර තිබේ.

මල්ටි ෆිනෑන්ස් පීඑල්සී සමාගම සතු ප්‍රාග්ධන අවශ්‍යතාව රුපියල් බිලියන 2.3කි. එහි මව් සමාගම වන ෆෙයාර්වේ හෝල්ඩිංග්ස් පෞද්ගලික සමාගම වෙත මේ සඳහා ක්‍රමෝපායික ආයෝකයෙකුගේ අවශ්‍යතාව පවතී.  ඒ අනුව බොහෝ දුරට සමාගම් දෙකක එකතුවක් සිදුවිය හැකි බව පැවසෙයි.

බිම්පුත් ෆිනෑන්ස් පීඑල්සී සතු ප්‍රාග්ධන අවශ්‍යතාව රුපියල් බිලියන 2. 6කි. එයටද ක්‍රමෝපායික ආයෝකයෙකුගේ අවශ්‍යතාව පවතී.  ඒ අනුව බොහෝ දුරට සමාගම් දෙකක එකතුවක් සිදුවිය හැකි බව පැවසෙයි.

ඒ අනුව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිවේදනය කර ඇති මෙම ප්‍රාග්ධන අවශ්‍යතාවන් සපුරා ගැනීම සඳහා අදාළ බැංකු නොවන මූල්‍ය සමාගම් විසින් 2020 දෙසැම්බර් 31 වැනිදාට පෙර රුපියල් බිලියන 11 ක්ද, 2021 දෙසැම්බර් 31 වැනිදාට පෙර රුපියල් බිලියන 20ක්ද ලෙස ප්‍රාග්ධන අවශ්‍යතාවන් සපුරාගත යුතුව ඇත.

Visits: 825