සෞඛ්‍ය සේවකයාගේ සුරක්ෂාව රෝගියාගේ ද සුරක්ෂාව බව APHNH නැවත අවධාරණය කරයි

අන්තර්ජාතික රෝගී සුරක්ෂිතතා දිනය සැමරීමට සමගාමීව පුද්ගලික රෝහල් සහ සාත්තු නිවාස සංගමය (APHNH) පවසා සිටින්නේ කොවිඞ්-19 වසංගත තත්වය අතරතුර රෝගීන්ගේ සුරක්ෂාව සහතික කිරීම සඳහා සෞඛ්‍ය කාර්ය මණ්ඩලවල සුරක්ෂාව ද ප‍්‍රමුඛතාවක් ගත් බවයි.

දැනට පවත්නා කොවිඞ් -19 තත්වය නිසා, අන්තර්ජාතික රෝගී සුරක්ෂිතතා දිනයේ මෙවර තේමාව වූයේ ”රෝගී සුරක්ෂිතතාව උදෙසා සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ සුරක්ෂිතතාව ප‍්‍රමුඛ වේ” යන්නයි. මෙහිදී, සෞඛ්‍ය සේවකයාගේ සහ රෝගීයා අතර අන්තර් සබඳතාවය කෙරෙහි සෞඛ්‍ය ආයතනවල අවධානය යොමු වූ අතර පවත්නා වසංගත තත්වයත් සමඟ සෞඛ්‍ය සේවයේ ඉදිරියෙන් සිටින කණ්ඩායමක් ලෙස ලොව පුරා සිටින සෞඛ්‍ය සේවකයින්ගේ ආරක්ෂාව වෙනුවෙන් ගත හැකි සාමූහික ක‍්‍රියාමාර්ග පිළිබඳව සාකච්ඡා කරන ලදී.

’‘මෙම ගෝලීය අර්බුදයට සාර්ථකව ප‍්‍රතිචාර දැක්වීමට හේතු වූ ප‍්‍රධාන සාධකය වූයේ සෞඛ්‍ය සේවයේ ඉදිරියෙන් සිටි සෞඛ්‍ය කාර්ය මණ්ඩල සාමාජික සාමාජිකාවන් ආරක්ෂිතව තබා ගැනීමයි’’ යනුවෙන් මේ පිළිබඳව අදහස් දක්වමින් පුද්ගලික රෝහල් හා සාත්තු නිවාස සංගමයේ සභාපති ආචාර්ය ලකිත් පීරිස්, මහතා පැවසුවේය.

’‘මින් ඉදිරියට, අපගේ සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ යහපැවැත්ම උදෙසා වැඩි දායකත්වයක් ලබා දෙනු දැකීම මාගේ බලාපොරොත්තුවයි. මේ, ආර්ථිකයට සහ සමාජය වෙනුවෙන් ඔවුන් සිදු කරන කාර්යභාරය නියමිත ලෙස ඇගයීමට ලක් නොවන බව පෙනී යනවා.’’ යනුවෙන් වැඩිදුරටත් පවසයි.

පවත්නා වසංගතය අතරතුර සෞඛ්‍ය සේවකයින් මුහුණ දුන් ප‍්‍රධාන අවදානම වූයේ වෛරසයට නිරාවරණය වීමයි. ඇමරිකාවේ එක්තරා වෛද්‍ය මණ්ඩල වාර්තාවකින් පෙන්වා දෙන්නේ ගෝලීය වශයෙන් කොවිඞ්-19 ආශ‍්‍රිත සොෟඛ්‍ය සේවක මරණ වලින් 55%ක්ම වෛද්‍යවරුන් වෛද්‍ය උපදේශකයින් විශේෂයෙන්ම ප‍්‍රාථමික වෛද්‍යවරුන්ගේ මරණ වේ. සෞඛ්‍ය සේවකයින් දැඩි අවදානමකට මුහුණ දෙන බව හඳුනා ගනිමින් ආචාර්ය ලකිත් පීරිස් මහතා සංගමයේ සහ එහි සාමාජිකයින්ට කොවිඞ්-19 ආරක්ෂිත පියවරයන් හා මාර්ගෝපදේශ අනුගමනය කිරීම අනිවාර්ය බව ප‍්‍රකාශ කළේය.

කොවිඞ්-19 අතරතුර, අත්‍යාවශ්‍ය සොඛ්‍ය සේවා පවත්වා ගෙන යාම සඳහා වූ ලෝක සෞඛය සංවිධානයේ මාර්ගෝපදේශවල සඳහන් වූයේ රටවල් ආරක්ෂිත පියවර ඉහළම ප‍්‍රමිතීන්ට අනුකූලව පිළිපැදිය යුතු බවයි. නිතර විෂබීජහරණය කිරීම, ආරක්ෂිත ඇඳුම් කට්ටල ඇඳීම හා ඉවත් කිරීම සම්බන්ධයෙන් වූ දැඩි නීති සහ ඔවුන්ගේ ආරක්ෂාව සහතික කිරීමට ස්වයං නිරෝධායනය ආදී වැදගත් ක‍්‍රියාමාර්ග මීට ඇතුලත් විය.

පසුව, සෞඛ්‍ය අමාත්‍යංශයේ නියමයන් පරිදි APHNH හි සාමාජික රෝහල් සහ සාත්තු නිවාසවලට පිළිපදින ලෙස දැඩි රෙගුලාසි පැනවීය. ලෝක සෞඛ්‍ය සංවිධානයේ සනීපාරක්ෂක පිළිවෙත්වලට අමතරව, මෙවැනි අවස්ථාවකදී රෝහල්වල අනුගමනය කරන ක‍්‍රියාමාර්ග වන රෝගීන් හා අමුත්තන් හුදකලා කිරීම ප‍්‍රමුඛතාවයක් බවට පත් කළේය. මීට අමතරව, APHNH හි සාමාජික රෝහල් සහ සාත්තු නිවාසවලට ද අවශ්‍ය සෞඛ්‍යාරක්ෂක පියවර එක් කරන ලදී. විශේෂයෙන්ම, බොහෝ රෝහල් නිරතුරුව විසබීජහරණයට ලක් කළ අතර අවදානම අවම කිරීම සඳහා විශේෂිත සේවා වැඩ මුර ක‍්‍රමය හඳුන්වා දෙන ලදී.

මෙම පියවරයන්ගෙන් ඔබ්බට ගොස්, සෞඛ්‍ය සේවකයින් ආරක්ෂා කිරීම සඳහා සංගමයට අයත් සමස්ත රෝහල් ජාලයේ සෞඛ්‍ය ක‍්‍රියාවලිය ප‍්‍රතිසංවිධානය විය යුතු බව APHNH හඳුනාගෙන ඇත. මෙහිදී, වෛද්‍යවරුන්ගේ ආරක්ෂාව සඳහා හදිසි නොවන ශල්‍යකර්ම සිදු කරනු ලැබුවේ අදාල රෝගියා කොවිඞ්-19 ආසාදිතයෙකු නොවන බව සහතික කර ගැනීමෙන් පසුව පමණි. මීට අමතරව, හදිසි ඉන්ටියුබේෂන් ප‍්‍රතිකාර වැනි සායනික ක‍්‍රියාවන් හුදකලා ස්ථානවලදී සිදු කළ අතර වෛද්‍යවරුන් හා හෙදියන් හදිසි අනතුරකට ලක් නොවනු ඇති බව සහතික කිරීමට පාරජම්බුල කිරණ යොදා ගනිමින් විසබීජහරණ ක‍්‍රියාවලිය හඳුන්වා දෙන ලදී. මෙවැනි, අමතර ආරක්ෂිත පියවරයන් කොරෝනා වෛරසයට ඔවුන්ගේ සෞඛ්‍ය සේවකයින් නිරාවරණය වීම අවම කර ගැනීමට උපකාර වූ බව APHNH හඳුනා ගෙන ඇත.

’‘අපගේ සේවකයින් හා රෝගීන් ආරක්ෂා කිරීමට අප ගනු ලැබූ දැඩි ආරක්ෂක සෞඛ්‍ය පියවර අපගේ කැපවීම සඳහා වූ කදිම සාක්ෂියක් ඒවගේම මේ දක්වා අප එය සාර්ථකව කර තිබෙනවා.  වෙන කිසිවක් නැතත්, මෙම වසංගතය, සෞඛ්‍ය ක්ෂේත‍්‍රය තුළ නව පුනරුදයක් ඇති කර තිබෙනවා,’’ යනුවෙන් ලකිත් පීරිස් මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

’‘ ඕනෑම වසංගතයකට එරෙහිව ආරක්ෂා විය හැකි හොඳම ක‍්‍රමය වන්නේ නිරෝගී සම්පන්න සෞඛ්‍ය ශ‍්‍රම බලකායයි. සෞඛ්‍ය සේවකයාගේ සුරක්ෂාව වෙනුවෙන් අප ආයෝජනය කළ යුතු අතර තවත් මෙවැනි අර්බුදයකදී අප උගත් පාඩම් මෙහිදී ප‍්‍රයෝජනවත් විය හැකිය. අපගේ රට වෙනුවෙන් ඔවුන් කළ අති විශාල කැපවීමෙන් පසුව අපට ඔවුන් වෙනුවෙන් කළ හැකි අවම දෙය වන්නේ ඔවුන්ගේ සුරක්ෂාව තහවුරු කිරීමයි.

Visits: 27