ඩිල්මා සිලෝන් CFO දර්ශන ගුණසේකර එහි අධ්‍යක්ෂ මණ්ඩලයට

ඩිල්මා සිලෝන් ටී කම්පැනි පීඑල්සී සමාගමේ ප්‍රධාන මූල්‍ය නිලධාරී (CFO – Chief Financial Ofiicer) දර්ශන ගුණසේකර මහතා පසුගිය ඔක්තෝබර් 01 වැනිදා සිට එහි අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු ලෙස පත් කරගෙන ඇතැයි එම සමාගම පවසයි.

මෙම පත්වීම ලබන අවස්ථාව වන විට ඔහු සතුව ඍජුව හෝ වක්‍රව සමාගමේ කිසිදු කොටසක් හිමිව නොමැති බවත්, ඔහු සමාගමේ කොටස් සමගින් කිසිදු ගනුදෙනුවක් සිදු කර නොමැති බවත් සමාගම වැඩිදුරටත් පවසයි.

ඒ අනුව මෙම පත් කිරීමත් සමගින්ම සමාගමේ කොටස් හිමිකාරීත්වය සම්බන්ධයෙන් කිසිදු වෙනස් කමක් සිදු කිරීමේ අවශ්‍යතාවක් නොමැති බවත් ඩිල්මා සිලෝන් ටී පීඑල්සී වැඩිදුරටත් පවසා සිටියි.

ඩිල්මා සිලෝන් ටී කම්පැනි පීඑල්සී සමගාම අයත් MJF Group හා සම්බන්ධවීමට පෙරාතුව වසර 24කට අධික කාලයක් මෙරට ප්‍රධාන පෙළේ සමාගම්වල මෙන්ම බහුජාතික සමාගම්වලද සේවය කරමින් ඒ මහතා සතුව අත්දැකීම් රැසක් ඇතැයි සමාගම පවසයි.

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් විද්‍යාවේදී උපාධියක්ද හිමි කරගෙන ඇති ඒ මහතා, අලෙවිකරණය සම්බන්ධයෙන්ද ඒ මහතා සුදුසුකම් ලබා තිබේ. සුදුසුකම්ලත් ගණකාධිකාරිවරයෙකු වන ගුණසේකර මහතා, එක්සත් රාජධානියේ වරලත් ගණකාධිකාරී කළමනාකාර ආයතනයේ සහ එක්සත් රාජධානියේ සහතිලකත් ගණකාධිකාරිවරුන්ගේ සංගමයේ සාමාජිකයෙකුද වෙයි.

මෙම නව පත් කිරීත් සමගින්ම ඩිල්මා සිලෝන් ටී පීඑල්සී හි අධ්‍යක්ෂ මණ්ඩලය සාමාජිකයන් වන්නේ මෙරිල් ජේ. ප්‍රනාන්දු (සභාපති), එච්.එස්. රණවීර (නියෝජ්‍ය සභාපති), ඩී.සී. ප්‍රනාන්දු (ප්‍රධාන විධායක නිලධාරී), ඩී. ප්‍රනාන්දු එම්.ජේ. ප්‍රනාන්දු, එම් පෙරේරා, ආර් තිසාරාට්චි, ආර්. එන්. ආසිර්වාතම්, ජී.වී. චිට්ටි සහ දර්ශන ගුණසේකර යන මහත්වරුන්ය.

Visits: 197