99x ටෙක්නොලොජිහි ප්‍රසාත් මහාලිංගම් ශ්‍රී ලංකා-නෝර්ඩික් ව්‍යාපාර කවුන්සිලයේ සභාපති ධුරයට

ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලය යටතේ ක්‍රියාත්මක ශ්‍රී ලංකාව සහ නෝර්ඩික් කලාපීය රාජ්‍යයන් අතර වන ශ්‍රී ලංකා – නෝර්ඩික් ව්‍යාපාර කවුන්සිලයේ 19 වැනි වාර්ෂික මහා සභා රැස්වීම පසුගියදා කොළඹදී පැවැත් වුණු බව එම මණ්ඩලය පවසයි. එහිදී 2020 – 2021 වසර සඳහා වන එම කවුන්සිලයේ නව සභාපතිවරයා ලෙස 99x ටෙක්නොලොජි සමාගමේ ප්‍රසාත් මහාලිංගම් මහතා තේරීපත්ව තිබේ.

2001 වසරේදී පිහිටවුණු මෙම ශ්‍රී ලංකා – නෝර්ඩික් ව්‍යාපාර කවුන්සිලය ශ්‍රී ලංකාව සහ ඩෙන්මාර්කය, ෆින්ලන්තය, නෝර්වේ සහ ස්වීඩනය අතර වෙළෙඳාම, සංචාරක ආයෝජනය සහ සේවා ප්‍රවර්ධනය කරයි. ඒ අනුව ලංකා වාණිජ මණ්ඩලය යටතේ ක්‍රියාත්මක මෙම ශ්‍රී ලංකා – නෝර්ඩික් ව්‍යාපාර කවුන්සිය මගින් ශ්‍රී ලංකාව සහ එම හවුල්කාර රාජ්‍යයන් සමග මනා සබඳතාවක් ඇති කිරීමට හේතු වී තිබේ.

2020 – 2021 වසර සඳහා වන කවුන්සිලයේ නව උප සභාපතිවරුන් ලෙස ඉන්ෆොමේට් (පෞද්) සමාගමේ ජෙහාන් පෙරින්පානායාගම්, මැක් හෝල්ඩිංග්ස් (පෞද්) සමාගමේ අන්ද්‍රේ ප්‍රනාන්දු යන මහත්වරුන් තේරී පත්ව තිබේ.

මීට අමතරව එහි අනෙකුත් කමිටු සාමාජිකයන් ලෙස එයිට්කන් ස්පෙන්ස් ට්‍රැවල්ස් (පෞද්) සමාගමේ ඉන්දික අබේකෝන්, ඇල්ෆා ඉන්ඩස්ට්‍රීස් (පෞද්) සමාගමේ සරත් වීරසූරිය, කොලම්බස් ටුවර්ස් (පෞද්) සමාගමේ බොබී ජේ හැන්සන්, ජෝන් කීල්ස් අයිටී සමාගමේ ඔස්මාන් ඇන්තනි සහ විල්හෙල්ම්සන් මෙරිඩියන් නැවිගේෂන් ලිමිටඩ් සමාගමේ මලීනා  අව්න් යන මහත්ම මහත්මීන් තේරීපත්ව තිබේ.

මෙම ශ්‍රී ලංකා – නොර්ඩික් ව්‍යාපාර කවුන්සිලයේ සාමාජිකත්වය යටිතලපහසුකම්, නෞකා ප්‍රවාහන සහ සේවා, මූල්‍ය සේවා, සංචාරක, ආනයන සහ අපනයන වෙළෙඳාම, නිෂ්පාදනය, තොරතුරු තාක්ෂණය සහ සන්නිවේදනය යන ක්ෂේත්‍රයන්ට අදාළ සමාගම්වලින් සමන්විත වන බවත් ලංකා වාණිජ මණ්ඩලය සඳහන් කර සිටියි.

Visits: 101